• Chathura Ramanayake

WTC වැඩිම ලකුණු ලාභීන් දසදෙනා අතරට ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකුත් !!!


ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ 2021-23 තරග වාරයේ තරග රැසක් මේ වන විටත් පවත්වා අවසන් කොට ඇත. මෙතෙක් පැවති තරග සියල්ල අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව ඇති අතර එහි දෙවන ස්ථානය ඕස්ට්‍රේලියාවට හිමි වී ඇත. ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයෙහි රැදී සිටියි. තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයන් පිළිබඳව මෙම ලිපියෙන් අවදානය යොමු කොට ඇත.


ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් දසදෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුළත්ය. එම ක්‍රීඩකයන් දෙදෙනා වනුයේ දිමුත් කරුණාරත්න හා දිනේෂ් චන්දිමාල්ය. වැඩිම ලකුණු ලාභීන් අතර ප්‍රමුඛයා බවට පත්ව ඇත්තේ එංගලන්ත හිටපු ටෙස්ට් නායක ජෝ රූට්ය. ඔහු දෙවන ස්ථානයෙහි රැදීසිටින ජොනී බෙයාස්ටෝට වඩා ලකුණු 526ක් රැස්කොට තිබීමද සුවිශේෂීය. ජෝ රූට් තරග 16කට ක්‍රීඩා කරමින් ලකුණු 1744ක් පමණ රැස්කොට ඇත්තේ ශතක 8ක් හා අර්ධ ශතක 3ක් සමගිනි.


වැඩිම ලකුණු ලාභීන් අතරෙහි තෙවැන්නා ලෙසින් පාකිස්තාන නායක බාබර් අසාම් රැදීසිටියි. ඔහු තරග 9කට ක්‍රීඩා කරමින් ලකුණු 953ක් රැස්කොට ඇත. වැඩිම ලකුණු ලාභීන් අතරෙහි සිව්වැන්නා වන උස්මාන් කවාජා තරග 7කදී ලකුණු 888ක් රැස්කොට ඇති අතර මෙම ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ හොදම පිතිකරණ සාමාන්‍යයක් රඳවාගෙන සිටින පිතිකරුවා වනුයේද උස්මාන් කවාජාය. ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 98.66ක් ලෙසින් සටහන්ව ඇත. බංග්ලාදේශ ක්‍රීඩක ලිටන් ඩාස් පස්වන ස්ථානයෙහි රැදී සිටිනුයේ ලකුණු 883ක් රැස්කරමිනි.


ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න වැඩිම ලකුණු ලාභීන් අතරෙහි හයවැන්නා ලෙසින් රැදී සිටින අතර ඔහු තරග 10ක් තුළ ලකුණු 847ක් රැස්කොට ඇත. දිනේෂ් චන්දිමාල් ඔහුට එක් ස්ථානයක් පසුපසින් රැදී සිටින අතර චන්දිමාල් තරග 8කට පමණක් ක්‍රීඩා කරමින් ලකුණු 778ක් රැස්කොට ඇත. චන්දිමාල්ගේ පිතිකරණ සාමාන්‍ය 77.80ක් ලෙසින් සටහන් වන අතර ඔහු වැඩිම සාමාන්‍යයක් සහිත පිතිකරුවන් අතර තෙවැන්නා ලෙසින් රැදී සිටියි. නමුත් හොදම සාමාන්‍ය රදවාගත් පිතිකරුවන් අතරෙහි දෙවැන්නා වන ක්‍රීඩකයා ක්‍රීඩා කොට ඇත්තේ එක් ඉනීමක් පමණක් බැවින් තරග 5කට වැඩි ගණනක් ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ පිතිකරණ සාමාන්‍ය සැලකීමේදී චන්දිමාල් දෙවැන්නා බවට පත්වනු ඇත.එමෙන්ම ඉනීමක් තුළ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයන් අතරද දෙවැන්නා බවට පත්වන්නට චන්දිමාල්ට හැකිවූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව නොදැවී රැස්කළ ලකුණු 206ත් සමගිනි.


තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් දසදෙනා අතරට ඇතුළත්ව,ඇත්තේ එක් ඉන්දීය පිතිකරුවකි පමණි. ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් මෙම ලයිස්තුවේ දසවැන්නා ලෙසින් රැදී සිටිනුටේ තරග 10කදී ලකුණු 720ක් රැස්කරමිනි. තරගාවලියේ ඉනීමක වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයන් අතරෙහි තෙවැන්නා වන ඇන්ජලෝ මැතිවුස් ලකුණු 717ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභීන් අතරෙහි එකොළොස් වැන්නා බවට පත්ව ඇත.


තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන්


ක්‍රීඩකයා


​ඉනීම්


​ලකුණු


​සාමාන්‍ය


හොදම ලකුණ

ජෝ රූට්


​31

1744

64.59

180*

ජොනී බෙයාස්ටෝ


25

1218

55.36

162

බාබර් අසාම්




16

953

63.53

196

​උස්මාන් කවාජා


13

888

98.66

160

ලිටන් ඩාස්


18

883

49.05

141

දිමුත් කරුණාරත්න


19

847

47.05

147

දිනේෂ් චන්දිමාල්


14

778

77.80

206*

​ක්‍රෙග් බ්‍රැත්වේට්


18

752

50.13

160

අබ්දුල්ලා ශාෆික්


13

736

66.90

160*

​රිෂාබ් පාන්ට්

18

720

​42.35

146



0 views0 comments