• Shaminda Jayarathne

වසර 17 කට පසුව Lionel Messi, Ballon D'or සම්මානයෙන් ඉවතට!


වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා වෙතට පිරිනැමෙන බැලොන් ඩොර් (Ballon D'or) සම්මානය දිනා ගැනීම සඳහා නිර්දේශ වූ අවසන් නම් 30 ඇතුළට වසර 17 කට පසුව පළමු වතාවට Lionel Messi ගේ නම ඇතුළත් වී නෑ. එයට හේතුව වන්නේ පසුගිය වසරේ ඔහු විසින් PSG සමග ප්‍රමාණවත් දක්ෂතා නොදැක්වීමයි.


මීට ප්‍රථමව පැවති Ballon D'or සම්මානය මෙන්ම ඉතිහාසයේ වැඩිම වතාවක් වන 7 වතාවක් මෙය දිනාගෙන සිටින ක්‍රීඩකයා Lionel Messi වීමද ඔහුගේ නම ඇතුළත් නොවී තිබීමට විශේෂත්වයක්. කෙසේ වෙතත් දෙවනියට වැඩිම Ballon D'or සම්මානය දිනාගෙන තිබෙන හෙවත් 5 වතාවක් ජයග්‍රාහී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ නම මෙම අවසන් 30 දෙනාට ඇතුළත් වුණා. ඒ වගේම බ්‍රසීල ජාතික ක්‍රීඩක නෙයිමාර් ගේ නමද මේ ලැයිස්තුවෙන් කැපී ගොස් තිබෙනවා.


මෙවර වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා වශයෙන් Ballon D'or සම්මානය දිනා ගැනීමට වඩාත්ම ඉඩ ඇති ක්‍රීඩකයා ලෙසින් රියාල් මැඩ්රීඩ් කණ්ඩායමේ ක්‍රීඩක ප්‍රංශ ජාතික කරීම් බෙන්සෙමාව හඳුන්වා දිය හැකියි. බෙන්සෙමා මෙවර ජයග්‍රහණය කළහොත් එය ඔහු දිනාගන්නා පළමු Ballon D'or ජයග්‍රහණය ලෙසටද එය සටහන් වනු ඇති.


අවසන් 30 දෙනා සඳහා නිර්දේශිත නාමයන්


Thibaut Courtois (Real Madird)

Mohamed Salah (Liverpool)

Rafael Leao (AC Milan)

Christopher Nkunku (RB Leipzig)

Joshua Kimmich (Bayern Munich)

Trent Alexander-Arnold (Liverpool)

Vinicius Jr (Real Madrid)

Bernardo Silva (Manchester City)

Luis Diaz (Liverpool)

Robert Lewandowski (Barcelona)

Riyad Mahrez (Manchester City)

Casemiro (Real Madrid)

Heung-Min Son (Tottenham)

Fabinho (Liverpool)

Karim Benzema (Real Madrid)

Mike Maignan (AC Milan)

Harry Kane (Tottenham)

Darwin Nunez (Liverpool)

Phil Foden (Manchester City)

Sadio Mane (Bayern Munich)

Sebastien Haller (Borussia Dortmund)

Luka Modric (Real Madrid)

Antonio Rudiger (Real Madrid)

Cristiano Ronaldo (Manchester United)

Kevin de Bruyne (Manchester City)

Dusan Vlahovic (Juventus)

Virgil van Dijk (Liverpool)

Joao Cancelo (Manchester City)

Erling Haaland (Manchester City)

Kylian Mbappe (Paris Saint-Germain)

96 views0 comments