• Chathura Ramanayake

T20 ලෝක කුසලාන මූලික වටයේදී ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය මෙවරත් මුණගැසෙයි !!



විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ දෙවන අදියර ඊයේ දිනයේදී නිමාවට පත් වූයේ සිම්බාබ්වේ කණ්ඩායමට ශූරතාවය හිමිකර දෙමිනි. සිම්බාබ්වේ කණ්ඩායම ශූරතාවය හිමිකරගැනීමත් සමගින් එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදී ඔවුන් B කාණ්ඩයට ඇතුළත් වනු ඇත. එම කාණ්ඩයේ සෙසු රටවල් වනුයේ බටහිර ඉන්දීය කොදෙව්, ස්කොට්ලන්තය හා අයර්ලන්තයයි.


සුදුසුකම් ලැබීමේ දෙවන අදියරේ අනුශූරයන් බවට පත් වූ නෙදර්ලන්තය ලෝක කුසලාන මූලික වටයේ A කාණ්ඩයට ඇතුළත්ය. එම කාණ්ඩයේ සෙසු රටවල් වනුයේ ශ්‍රී ලංකාව, නැමීබියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින පළමු තරගය නැමීබියාවට එරෙහිව ඔක්තෝබර් 16 වනදා පැවැත්වීමට නියමිතය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමගින් පැවැත්වෙන තරගය ඔක්තෝබර් මස 18 වානදාද නෙදර්ලන්තයට එරෙහි තරගය ඔක්තෝබර් මස 20වනදාද පැවැත්වෙනු ඇත.


විස්සයි විස්ස ලෝක කුසලාන මූලික වටයේ තරග කාලසටහන්


  • ඔක්තෝබර් 16 - ශ්‍රී ලංකාව හා නැමීබියාව /එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා නෙදර්ලන්තය

  • ඔක්තෝබර් 17 - බටහිර ඉන්දීය කොදෙව් හා ස්කොට්ලන්තය / සිම්බාබ්වේ හා අයර්ලන්තය

  • ඔක්තෝබර් 18 - නැමීබියාව හා නෙදර්ලන්තය / ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය

  • ඔක්තෝබර් 19 - ස්කොට්ලන්තය හ අයර්ලන්තය / සිම්බාබ්වේ හා බටහිර ඉන්දීය කොදෙව්

  • ඔක්තෝබර් 20 - ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය / නැමීබියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය

  • ඔක්තෝබර් 21 - අයර්ලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් / ස්කොට්ලන්තය හා සිම්බාබ්වේ


26 views0 comments