• Chathura Ramanayake

T20 ලෝක කුසලානයේදී ඉන්දියාවට සාර්ථක විය හැකි ආකාරය මහේල පෙන්වා දෙයි.


ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත ICC පිරිමි T20 ලෝක කුසලාන ජයග්‍රහණය කෙරෙහි ඉන්දියාවට විශ්වාසය තැබිය හැකි ප්‍රධාන සාධක කිහිපයක් ශ්‍රී ලංකා හිටපු පිතිකරු මහේල ජයවර්ධන ඉදිරිපත් කොට ඇත. ලෝක කුසලානයේදී කෝලි ඉතා වැදගත් සාධකයක් මෙන්ම ඔහුට ප්‍රතිවාදීන්ගේ අවධානය යොමුවිය හැකි බව ශ්‍රී ලංකා හිටපු නායකයා සදහන් කොට ඇත



විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඉන්දියාව ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කළේය. ආබාධයකට ලක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ලෝක කුසලාන සංචිතයට ඇතුළත් ය. බුම්රාගේ නැවත පැමිණීම ලෝක කුසලානයේදී ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයට තීරණාත්මක විය හැකි බව ජයවර්ධන සදහන් කොට ඇත.


පැහැදිලිවම, ජස්ප්‍රිට් නොසිටීමද ආසියානු කුසලානයේදී හේතුවක් වුණා. ඔහු නව පන්දුවෙන් සහ අගභාගයේදී ඔවුන්ට විශාල හිඩැසක් පුරවනවා. ඔහු නැවත ඕස්ට්‍රේලියාවට පැමිණි විට එයත් විසදෙයි."


විරාට් කෝලි සිය 71වන ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීම සම්බන්ධයෙන් ද මහේල ජයවර්ධන මෙහිදී අදහස් දක්වා ඇත.


ඔහු බොහෝ දුරට ශතකය ආසන්නයේ සිටියා. විශේෂයෙන්ම සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාවේදී සෑම විටම අවශ්‍ය විශ්වාසය ලබා ගැනීමට ඔහුට එතරම් විශාල ලකුණු සංඛ්‍යාවක් තිබ්බෙ නෑ. පසුගිය මාස 12 තුළ ආබාධ සම්බන්ධයෙන් ඔහුට ගැටලු කිහිපයක් තිබුණා. ඔහු නොකඩවා ක්‍රීඩා නොකිරීම ද ඒකට හේතුවක් වුණා.


ආසියානු කුසලානයේ දී ඔහු හොඳින් පිතිකරණයේ යෙදුනා. ඔහු එහෙම පිතිකරණයේ යෙදෙනවා දකින්න සතුටුයි. මේ දක්‍ෂ ක්‍රීඩකයන් ලෝක කුසලාන තරගාවලියේදී ඔවුන්ගේ හොඳම දස්කම් දැක්වීමට අවශ්‍යයයි. ලෝක කුසලානයටත් ජයග්‍රහණයටත් අවශ්‍ය වන්නේ එයයි. ලෝක කුසලානය කියන්නෙ හරි වේලාවට හොදම ක්‍රිකට් ක්‍රීඩා කිරීමයි. ක්‍රීඩකයන් ඔවුන්ගේ දක්ෂතාවය එම මට්ටමට ඔසවා තබාගන්න ඕන. එය කරන්න පුලුවන් දක්ෂ ක්‍රීඩකයො ඉන්දියාවට ඉන්නවා.





290 views0 comments