• Chathura Ramanayake

T10 ලීගයේ වනිදුගේ කණ්ඩායමේ වෙනසක් !!!



අබුඩාබි ලීග් තරගාවලියේ නදර්න් වොරියස් කණ්ඩායම සිය අයිකන ක්‍රීඩකයා නිවේදනය කොට ඇත. ඒ අනුව මෙවර තරග වාරයේදී නදර්න් වොරියස් කණ්ඩායමේ අයිකන ක්‍රීඩකයා ලෙසින් ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග නම් කොට ඇත.


අබුඩාබි T10 තරගාවලියේ මෙවර තරගවාර එළඹෙන නොවැම්බර් මස 23වනදා ආරම්භ වීමට නියමිතය. මින් පෙර යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ අබුඩාබි T10 තරගාවලියේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම විසින් නැවත රදවා ගනු ලැබීය.


වනිදු හසරංග පසුගිය වසරේ පැවති තරගාවලියේදී වනිදු හසරංග ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙමින් කඩුලු 21ක් දවාගැනීමට සමත් විය.

286 views0 comments