• Chathura Ramanayake

SLC Invitational T20 League තරගාවලියේ කාලසටහන !!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලිය එළඹෙන අගෝස්තු මස 9 වනදා ආරම්භ වීමට නියමිත. SLC Invitational T20 League තරගාවලියට කණ්ඩායම් හතරක් ඇතුළත්ය. තරගාවලියේ කණ්ඩායම් හතරෙහි නායකත්වයන් කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, චරිත් අසලංක හා අශාන් ප්‍රියංජන්ට හිමි වී ඇත.


තරගාවලියේ මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම අනිකුත් කණ්ඩායම් තුන සමගින් එක් තරගය බැගින් ක්‍රීඩා කරනු ඇත. මූලික වටය අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගන්නා කණ්ඩායම් දෙක අගෝස්තු මස 16 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත. තරගාවලියේ සියලු තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.


තරග කාලසටහන


අගෝස්තු 09

පළමු තරගය : SLC Reds vs SLC Greys දෙවන තරගය : SLC Blues vs SLC Greens


අගෝස්තු 11

තෙවන තරගය : SLC Greens vs SLC Reds සිව්වන තරගය : SLC Greys vs SLC Blues


අගෝස්තු 14

පස්වන තරගය : SLC Greys vs SLC Greens හයවන තරගය : SLC Blues vs SLC Reds


අගෝස්තු 16

අවසන් මහා තරගය


දිනයේ පැවැත්වෙන පළමු තරගය පස්වරු 3.30ටත් දෙවන තරගය රාත්‍රී 7.30ටත් ආරම්භ වෙයි.

527 views0 comments