• Chathura Ramanayake

Road Safety ලෝක ශූරතා තරගාවලියේ එක් තරගයකට වර්ෂාවෙන් බාධා

Road Safety ලෝක ශූරතා තරගාවලියේ හයවන තරගය අද කාන්පූර්හිදී පැවැත්වීමට නියමිතව තිබුණා. ඒ ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි.


කාන්පූර් ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය තෙත ස්වභාවයක් ගත් අතර ඒ හේතුවෙන් කාසියේ වාසිය උරගාබැලීමක් සිදුකළ නොහැකි විය. කාසියේ වාසිය උරගාබැලීමකින් තොරවම මෙම තරගය අතහැර දැමීමට සිදුවිය.



ඒ අනුව මෙම කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණක් බැගින් හිමිවද්දී ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තැන ඉන්දියාවට ද තෙවන තැන බටහිර ඉන්දීය කොදෙව්වන්‍ට තෙවන තැනද හිමිවී ඇත. තවමත් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.


තරගාවලියේ හත්වන තරගය හෙට රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය. එම තරගයද කාන්පූර්හිදී පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම හා බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම තරග වදිනු ඇත.


1,039 views0 comments