• Chathura Ramanayake

LPL තරගාවලිය කල් යන ලකුණු ?



ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තුන්වන අදියර දෙසැම්බර් මාසයට තෙක් කල් දැමීමට සිදුවන බවට වාර්තා වෙයි.  කණ්ඩායම් පහකින් සමන්විත තරගාවලිය අගෝස්තු 1 සිට 21 දක්වා කොළඹ සහ හම්බන්තොටදී පැවැත්වීමට නියමිත නමුත් එය කල් දැමීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) දැන් සලකා බලමින් සිටින බවට වාර්තා වෙයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග සදහන් කළේ තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු කළහොත් Galle Gladiators  කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වීමේ සූදානමක් පවතින බවයි. රට තුළ උත්ගතවී ඇති දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් Galle Gladiators හිමිකාරීත්වය විසින් මෙම තීරණය ගෙන ඇති බවට වාර්තා වෙයි.


" ඔව්, ඔවුන් කල්දැමීමක් ඉල්ලා තිබෙනවා,අපි මේ සම්බන්ධයෙන් ඉක්මනින් තීරණයක් ගන්නවා” ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග Sunday Times පුවත්පත වෙත තහවුරු කොට ඇත.

පළමු වටයේ තරග 20ක් සහඅවසන් වටයේ තරග 4ක් සමඟින් සමස්ත තරග 24ක් මෙම තරගාවලියේදී පැවැත්වේ.  පළමු තරග 14 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගාවලිය අගෝස්තු 13 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත විය.

157 views0 comments