• Chathura Ramanayake

LPL තරගාවලිය කල් යද්දී ආසියානු කුසලානයත් ශ්‍රී ලංකාවෙන් පිටතට...



ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවන අදියර කල් දමා ඇත. තරගාවලියේ මෙවර අදියර අගෝස්තු මස 1වනදා ආරම්භ කිරීමට නියමිතව තිබුණි. මේ අතර එළඹෙන ආසියානු කුසලාන තරගාවලිද ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යාමේ සූදානමක් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.මේ පිළිබඳව අවසන් තීරණය මෙම සතියේදී ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


රට තුළ පවතින දේශපාලන හා ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියද ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යාමට සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා තහවුරු කොට ඇත. ඒ අනුව මෙවර තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට සූදානම් බව මොහාන් ද සිල්වා තහවුරු කොට ඇත.


" ආසියානු කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇත. ”ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ද සිල්වා PTI පුවත් සේවය වෙත අදහස් දක්වා ඇත්තේ විස්සයි 20 තරඟාවලිය පැවැත්වෙන ස්ථානයේ කළ හැකි වෙනසක් පිළිබඳව විමසූ විටය.


කණ්ඩායම් හයක් තරගවදින තරඟාවලිය අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා සැලසුම් කළ පරිදිම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. තරගාවලියේ සංශෝධිත කාලසටහන් එළඹෙන ජූලි මස 22වනදා ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන්දියාව හා පාකිස්තානය දෙවරක් මූලික වටයේදී තරග වැදීමට නියමිතය.

1,688 views0 comments