• Chathura Ramanayake

LPL ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලියේ නීති රීති පිළිබඳ තොරතුරු !!!


මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලියට අදාල නීති මාළාවට අනුව එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 5 දෙනෙකු රදවා ගත හැකිය. ඒ අනුව එක් එක් කණ්ඩායම් රදවා ගන්නා ක්‍රීඩකයන් 5 දෙනා, ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලියට පෙර ප්‍රකාශයට පත් කළ යුතුය.


එම ක්‍රීඩකයන් පස්දෙනා අතරට උපරිම විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුළත් කළ හැකිය. අනිකුත් රදවා ගන්නා ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විය යුතුය. මෙවර ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය අදියර 20ක් යටතේ පැවැත්වෙන අතර එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයන් 6දෙනෙකු හා දේශීය ක්‍රීඩකයන් 14 දෙනෙකු බැගින් තෝරාගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

407 views0 comments