• Chathura Ramanayake

IPL හිමිකරුවන් දකුණු අප්‍රිකානු ලීගයත් ආක්‍රමණයට සැරසෙයි !!!



දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය එළඹෙන වසරේදී නව ක්‍රිකට් ලීගයක් හදුන්වා දීමට නියමිතය. ඒ අනුව CSA T20 League නමින් හැඳින්වෙන මෙම තරගාවලිය එළඹෙන වසරේ ජනවාරි මසදී පැවැත්වීමට නියමිතය. මෙම නව විස්සයි විස්ස ලීග් තරගාවලියට කණ්ඩායම් 6ක් ඇතුළත් කොට ඇත.


මෙම කණ්ඩායම් හයෙහි හිමිකාරීත්වය පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් විසින්ම මෙන කණ්ඩායම්ද මිළදී ගැනීමට සූදානම් වන බවයි. ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස්,චෙන්නායි සුපර් කිංග්ස් , දිල්ලි කැපිටල්ස් , සන්රයිසස් හයිද්‍රාබාද් , රාජස්ථාන් රෝයල් හා ලක්නව් සුපර් ජයන්ට්ස් හිමිකරුවන් විසින් දකුණු අප්‍රිකානු ලීගයේ කණ්ඩායම්ද මිළදී ගැනීමට සූදානමින් පසුවෙයි.


මුකේෂ් අම්බානි(MI), N ස්‍රීනිවාසන්(CSK), පාරත් ජින්දාල්(DC), මාරන් ෆැමිලි(SRH), සන්ජිව් ගොයෙන්කා(LSG), මනෝජ් බදාලේ(RR) විසින් කණ්ඩායම් මිළට ගැනීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. දකුණු අප්‍රිකානු නව ක්‍රිකට් ලීගයේ කණ්ඩායම් හිමිකරුවන් මෙම මස අගදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

63 views0 comments