• Chathura Ramanayake

IPL රිද්මය ආසියානු කුසලානට රැගෙන ඒමට භානු සූදානමින් !!!



ආසියානු කුසලාන තරගාවලිය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ පළමු තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම තරග වැදීමට නියමිතය. ආසියානු කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.


භානුක රාජපක්ෂ පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පංජාබ් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර එහිදී සිය ප්‍රහාරාත්මක පිතිකරණ දක්ෂතා පෙන්නුම් කළේය.


" මට අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කළ පසු මම ලබාගත් අත්දැකීම් කණ්ඩායමට හොද ශක්තියක් වුණා. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ශිකර් ධවාන්, මයාන්ක් අගර්වාල්, කාගිසෝ රබාඩා යන ක්‍රීඩකයන් සමග කතා කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට මම නැවත පැමිණෙන විට, මම ගොඩක් ධනාත්මක විදියට ආවේ".


" මම හිතන්නෙ නෑ මට කාලය තියෙයි කියලා විස්තර කරන්න අපි කතා වුණු දේවල්, නමුත් එහි ධනාත්මක කතා රැසක් සිදුවුනා. මම හිතනවා අපිට පුලුවන් කියලා ක්‍රිකට් වල එම සන්නාමය ලෝකයට ගෙනියන්න."


තිස් හැවිරිදි වියෙහි පසුවන භානුක රාජපක්ෂ පංජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 9කට ක්‍රීඩා කළේය. එහිදී ඔහු ලකුණු 206ක් රැස්කළේ 160ක පමණ ප්‍රහාරාත්මක වේගයක් රදවාගනිමිනි.


" මම සිදු කරපු සංවාද වලින් ඉතා හොද එකක් තමයි ලියම් ලිවින්ග්ස්ටන් සමග කළ සංවාදය. වරක් ඔහු ප්‍රකාශ කරා, එය V ආකාරයට පවතී නම්, විශ්වාස කරන්න පන්දුව ගහේ කියලා. ඔහු සටන්කාමී පිතිකරුවෙක්. "

106 views0 comments