• Shaminda Jayarathne

IPL එකේදි චෙන්නායි මුලින් බැට් කරලා දිනුවා ඒක මගේ ඔලුවේ තිබුණා - දසුන්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතරේ පැවති ආසියානු කුසලාන අවසන් මහා තරඟය නිමාව දුටුවේ ශ්‍රී ලංකාව 6 වෙනි වතාවටත් ශූරයන් බවට පත් කරමින්. එම ජයග්‍රහණයෙන් අනතුරුව අදහස් දැක්වූ ජයග්‍රාහී නායක දසුන් ශානක තරඟය සම්බන්ධයෙන් මෙලෙස තම අදහස් දක්වා සිටියා.


"මුළින්ම මම ප්‍රේක්ෂකයන් ට ස්තූතිය පුද කරනවා. ඔවුන් අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා. අපි ඔවුන්ව අද ආඩම්බරෙන් තැබුවා කියලා මම විශ්වාස කරනවා. 2021 IPL තරඟාවලියේදී චෙන්නායි කණ්ඩායම මෙහෙ මුළින් බැට් කරලා ජයග්‍රහණයන් වාර්තා කළා."

"අන්න ඒක මගේ ඔලුවේ නිතරම තිබුණ දෙයක්.

මාත් එක්ක ඉන්න තරුණ ක්‍රීඩකයන්ට හොඳට තිබෙන තත්ත්වය අවබෝධ කරගන්නවා. කඩුලු 5ක් බිඳ වැටුණ වෙලාවෙදි වනිඳු ක්‍රීඩා කරපු විදිහ නිසා ලොකු වෙනසක් සිදු වුණා. ඇත්තටම අන්තිම 6 පහර තමයි වෙනස් කරපු මොහොත. 170 කියන්නේ මානසික මට්ටමෙන් වෙනස් ලකුණු සංඛ්‍යාවක්. 160 කියන්නේ ගහන්න පුලුවන් කියලා හිතෙන ගානක්."


"ඇෆ්ගනිස්තානය එක්ක තිබුණ පළවෙනි තරඟය වගේ දේවල් ලෝකෙ ඕනිම කණ්ඩායමකට වෙන්න පුලුවන්. අපි තරඟයෙන් පසුව ඒ ගැන ගොඩක් කතා කළා. අපි මූලික වටයේදී පන්දු රැකීමෙන් අඩුපාඩු සිදු කළත් අද 100% ක් ම හොඳින් පන්දු රැක්කා. මම හිතන්නෙ ඒක ලොකු වෙනසක් වුණා. ක්‍රීඩකයන්ට, පුහුණුකාරිත්වයට වගේම කළමණාකාරිත්වයටත් මේ ජයග්‍රහණය අයිතියි. මේ මොහොතේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් මගේ ස්තූතිය පුද කරලා සිටිනවා."

97 views0 comments