• Chathura Ramanayake

ICC විකාශන අයිතිය Disney Stars සමාගමට !!!



2024 සිට 2027 දක්වා පැවැත්වෙන කාන්තා ICC ඉසව් හා 2024 සිට 2031 දක්වා පැවැත්වෙන පිරිමි ICC ඉසව් වල විකාශන අයිතිය ඩිස්නි ස්ටාර් සමාගම විසින් හිමිකොටගෙන ඇත. ඒ අනුව ICC ඉසව්වන්හි ඩිජිටල් හා රූපවාහිනී විකාශන අයිතිය ඩිස්නි ස්ටාර් සමාගමට හිමි වී ඇත.


විකාශන අයිතිය වෙනුවෙන් ඊයේ දිනයේදී ලංසු තැබීම ආරම්භ කළ අතර අතර ජයග්‍රාහකයා වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය අවශ්‍ය විය. අද දිනයේදී ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය එම අනුමැතිය ලබාදුන් නමුත් ඩිස්නි ස්ටාර් සමාගම තැබූ ලංසුව හෙලිකොට නැත.


නමුත් ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කොට ඇත්තේ එම වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.44කට වඩා වැඩි අගයක් බවයි. පසුගිය කාලසීමාව තුළදීද ICC ඉසව්වන්හි විකාශන අයිතිය ස්ටාර් ආයතනය සතු වූ අතර එවර එම ගිවිසුමෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2.1ක් විය.

26 views0 comments