• Chathura Ramanayake

ESPN වෙබ් අඩවිය නම් කළ ආසියානු කණ්ඩායමේ නායකත්වයත් දසුන් ශානකට !!!


පහළොස් වන ආසියානු කුසලාන තරගාවලිය මෙවර අවසන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ශූරතාවය හිමිකරදෙමිනි. තරගාවලියේ එක් එක් ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව ආසියානු කුසලාන හොදම කණ්ඩායම නම් කිරීමට ESPNcricinfo වෙබ් අඩවිය කටයුතු කොට ඇත. ඒ අනුව අද දිනයේදී නිවේදනය කළ මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව්දෙනෙකු ඇතුළත්ය.



විස්ඩන් සගරාව නම් කළ ආසියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙසින් රහ්මනුල්ලා ගුර්බාස් හා කුසල් මෙන්ඩිස් නම් කොට ඇත. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මොහොමඩ් රිස්වාන් අභිබවමින් ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රහ්මනුල්ලා ගුර්බාස්ට මෙම කණ්ඩායනේ ස්ථානය හිමි වී ඇත. අනෙක් ආරම්භක පිතිකරු වන කුසල් මෙන්ඩිස් වැඩිම ලකුණු ලාභීන් අතර හයවැන්නා බවට පත් විය. මෙම කණ්ඩායමේ අංක තුන හා හතර ස්ථාන ඉන්දීය ක්‍රීඩකයන් වන විරාට් කෝලි හා ඇෆ්ගනිස්තාන ක්‍රීඩක ඊබ්‍රහීම් සද්‍රාන්ට හිමිවී ඇත.


ආසියානු කුසලාන අවසන් මහා තරගයේ වීරයා වූ භානුක රාජපක්ෂ හා තරගාවලියේ වීරයා බවට පත් වූ වනිදු හසරංග විස්ඩන් ආසියානු කණ්ඩායමට ඇතුළත් කොට ඇත. තරුණ ක්‍රීඩකයන් සමගින් ආසියානු කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ දසුන් ශානක මෙම කණ්ඩායමේ නායකයා ලෙසින් නම්කොට ඇත. තුන් ඉරියව්වෙන් දස්කම් පෑ පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් නවාස්ටද මෙම කණ්ඩායමේ ඉඩක් වෙන්වී ඇත. කණ්ඩායමට ඇතුළත් වේගපන්දු යවන්නන් තිදෙනා ලෙසින් නම් කොට ඇත්තේ බුවනේෂ්වර් කුමාර්, නසීම් ශාහ් හා හරිස් රවුෆ්ය.


ESPNcricinfo වෙබ් අඩවිය නම්කළ කළ ආසියානු කුසලාන කණ්ඩායම

රහ්මනුල්ලා ගුර්බාස්

කුසල් මෙන්ඩිස්

විරාට් කෝලි

ඊබ්‍රහීම් සද්‍රාන්

දසුන් ශානක (නායක)

භානුක රාජපක්ෂ

වනිදු හසරංග

මොහොමඩ් නවාස්

බුවනේෂ්වර් කුමාර්

නසීම් ශාහ්

හරිස් රවුෆ්


5,441 views0 comments