• Shaminda Jayarathne

Community Shield ජයග්‍රහණය සමගින් ලිවර්පූල් වැඩ අරඹයි!

එංගලන්ත 2022/23 නව පාපන්දු තරඟවාරය ආරම්භ කරමින් පැවැත්වෙන මුල්ම තරඟය වන Community Shield අවසන් තරඟයේ ජයග්‍රහණය ගෝල 3-1 ක් ලෙසින් වාර්තා කර ගැනීමට ලිවර්පූල් කණ්ඩායම ට හැකියාව ලැබුණා. ඒ ඊයේ දින මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමින්.


ලිවර්පූල් කණ්ඩායම පසුගිය තරඟවාරයේ FA කුසලාන ජයග්‍රාහකයන් ලෙසද මැන්චෙස්ටර් සිටි කණ්ඩායම පසුගිය වසරේ ලීගයේ ජයග්‍රාහකයන් ලෙසද මෙම තරඟය සඳහා සුදුසුකම් ලබා සිටියා. තරඟ ආරම්භයේ සිටම මැන්චෙස්ටර් සිටි කලාපය ආක්‍රමණය කළ ලිවර්පූල් වෙනුවෙන් ඇලෙක්සැන්ඩර් ආනෝල්ඩ් 21 වන විනාඩියේදී ලබාගත් ගෝලයත් සමග ගෝල 1-0 ක් ලෙසින් පළමු අර්ධය ලිවර්පූල් කණ්ඩායම ඉදිරියෙන් සිටිමින් නිමාව දුටුවා.


ඉන් පසුව දෙවන අර්ධයේදී ක්‍රියාත්මක වූ මැන්චෙස්ටර් සිටි නවක ක්‍රීඩක ජූලියන් අල්වාරෙස් විසින් 70 වන විනාඩියේදී ගෝලයක් රැස් කළේ 1-1 ලෙස තරඟය සම කරමින්. නමුත් 83 වෙනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් මොහොමඩ් සලා සහ අවසන් මොහොතේදී ගෝලයක් රැස් කළ ඩර්වින් නුනෙස් විසින් 3-1 ලෙසට ලිවර්පූල් ජයග්‍රහණය තහවුරු කළා.


මෙම ජයග්‍රහණය සටහන් වූයේ ලිවර්පූල් කණ්ඩායම මේ වසරේදී ජයග්‍රහණය කළ තුන්වන ශූරතා ජයග්‍රහණය මෙන්ම Community පළිහ ශූරතාවය ජයග්‍රහණය කළ 16 වන අවස්ථාව වීමද විශේෂත්වයක්.

0 views0 comments