• Chathura Ramanayake

Chappell-Hadlee කුසලානට නවසීලන්තයෙන් 23 හැවිරිදි වේගපන්දු යවන්නෙක් !!!



එළඹෙන මස ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත චැපල්-හැඩ්ලී කුසලාන තරගාවලිය සදහා වන නවසීලන්ත එක්දින සංචිතය නම්කොට ඇත. තරගාවලිය වෙනුවෙන් නම් කෙරුනු නවසීලන්ත සංචිතයට වේගපන්දු යවන 23 හැවිරිදි ක්‍රීඩක බෙන් සියර්ස් කැදවා ඇත. තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 6වනදා ආරම්භ වීමට නියමිතය.


නවසීලන්ත මධ්‍යම කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වූ වේගපන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට්ද ඕස්ට්‍රේලියානු සංචාරයට කැදවා ඇත. ලොකී ෆර්ගසන්, ටිම් සවුති හා මැට් හෙන්රි යන වේගපන්දු යවන්නන් නවසීලන්ත එක්දින සංචිතයට ඇතුළත්ය. නවසීලන්ත ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටෙඩ් පවසා ඇත්තේ බෙන් සියර්ස්ගේ වේගය හා බවුන්සර් පන්දු ඕස්ට්‍රේලියානු තත්වයන්හිදී වාසි සහගත වනු ඇති බවයි.


බෙන් සියර්ස් නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 6කට ක්‍රීඩා කරමින් කඩුලු 6ක් දවාගෙන ඇත. සියර්ස් List A කොටසේ තරග වලදී තරග 2කට ක්‍රීඩා කරමින් කඩුලු 28ක් බිදහෙලා ඇත්තේ 5.58ක දළ ලකුණු වේගයක් රදවාගනිමිනි.


කණ්ඩායමේ නායකත්වය කේන් විලියම්ස්ට හිමි වී ඇති අතර 2019 එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඔහු මෙතෙක් ක්‍රීඩා කොට ඇත්තේ එක්දින තරග 3ක් පමණි. ඉෂ් සෝදි, හෙන්රි නිකොල්ස් හා විල් යන්ග් යන ක්‍රීඩකයන්ට මෙවර නවසීලන්ත සංචිතයේ ස්ථානය අහිමි වී ඇත.


නවසීලන්ත සංචිතය


කේන් විලියම්සන් (නායක), ෆින් ඇලන්, ට්‍රෙන්ට් බෝල්ට්, මයිකල් බ්‍රේස්වෙල්, ඩෙවෝන් කොන්වේ, ලොකී ෆර්ගසන්, මාටින් ගප්ටිල්, මැට් හෙන්රි, ටොම් ලේතම්, ඩැරල් මිචෙල්, ජිමී නීෂම්, ග්ලෙන් පිලිප්ස්, මිචෙල් සැට්නර්, බෙන් සියර්ස්, ටිම් සවුති

12 views0 comments