• Chathura Ramanayake

Cariah සහ Alzarri ගොඩනැගූ සබදතාවය අපතේ යයි !!



ෆින් ඇලන්ගේ ලකුණු 96ක ඉනීම හා ටිම් සවුතිගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 50ක ජයක් හිමිකරගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් විය. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ එක් තරගය බැගින් ජයගැනීමට කණ්ඩායම් දෙකටම හැකි විය.


තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැස්කිරීමට කොදෙව්වන් තීරණය කළහ. ඒ අවසරයෙන් පිටියට පිවිසෙන නවසීලන්තය පන්දුවාර 48 පන්දු 2ක් තුළ සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 212ක් රැස්කළහ. ආරම්භක පිතිකරු ෆින් ඇලන් පන්දු 117ක් තුළදී ලකුණු 96ක් රැස්කළේය. ඔහුගේ ඉනීමට හතරේ පහර 7ක් හා හයේ පහර 3ක් ඇතුළත් විය.


ඩැරල් මිචෙල් පන්දු 63කදී හතරේ හා හයේ පහර 2ක බැගින් එල්ල කරමින් ලකුණු 41ක් රැස්කළේය. මිචෙල් සැට්නර් නොදැවී ලකුණු 26ක් හ්ස ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 16ක් නවසීලන්ත ඉනීමට එක් කරන්නට විය. සෙසු කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවන්නට අවස්ථාව හිමි නොවිණි. පන්දු යැවීමේදී කෙවින් සින්ක්ලෙයාර් කඩුලු 4ක්ද ජේසන් හෝල්ඩර් කඩුලු 3ක්ද බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන කොදෙව් පිළේ කඩුලු 6ක් ලකුණු 27ක් තුළදී බිදහෙලන්නට ටිම් සවුති හා ට්‍රෙන්ට් බෝල්ට් සුසංයෝගයට හැකි විය. කොදෙව් ඉනීම ලකුණු 63ට කඩුලු 7ක් ලෙසින් දිස්වද්දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර කොදෙව්වන් පන්දුවාර 41කදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 212ක් ලබාගැනීමට අවශ්‍ය විය. අකිල් හුසේන් අටවන කඩුල්ල ලෙසින් දැවී යාමෙන් අනතුරුව යානික් කරායාහ් සමගින් අල්සාරී ජෝසප් පිටියට එක්විය.


ඔවුන් දෙදෙනා එක්ව නවවන කඩුල්ලට ලකුණු 85ක සබදතාවක් ගොඩනගන්නට විය. එය කොදෙව් එක්දින ඉතිහාසයේ නවවන කඩුල්ලට වාර්තා වූ හොදම සබදතාවයයි. සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කළ යාකින් කරායාහ් පන්දු 84කදී ලකුණු 52ක් රැස්කිරීමට සමත් වද්දි අල්සාරී ජෝසප් පන්දු 31ක් තුළ හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමගින් වේගවත් ලකුණු 49ක් රැස්කළේය.


ඔවුන් දෙදෙනා දවාගැනීමට මිචෙල් සැට්නර් හා ටිම් සවුතිට හැකිවද්දී කොදෙව් ඉනීම ලකුණු 161කට සීමා විය.පන්දු යැවීමේදී ටිම් සවුති ලකුණු 22කට කඩුලු 4ක් හා ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 18කට කඩුලු 3ක් බිදහෙලන්නට සමත් විය.තරගයේ වීරයා ලෙසින් ෆින් ඇලන් සම්මානයට පාත්‍ර විය.


NEW ZEALAND :- 212/10(48.2 Overs)

Finn Allen 96 (117), Daryl Mitchell 41 (63)

Kevin Sinclair 4/41 (8.2), Jason Holder 3/24 (9)


WEST INDIES :- 161/10(35.3 Overs)

Yannic Cariah 52 (84), Alzarri Joseph 49 (31)

Tim Southee 4/22 (7), Trent Boult 3/18 (6)

293 views0 comments