• Chathura Ramanayake

25ට අඩු විස්ඩන් ලෝක ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුත් !!!



වයස අවුරුදු 25ට අඩු ක්‍රීඩකයන් අතුරින් ලොව හොදම ටෙස්ට් කණ්ඩායම නම් කිරීමට ලොව ප්‍රකට විස්ඩන් සගරාව කටයුතු කොට ඇත. ඒ අනුව මෙම කණ්ඩායම ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෙකුද ඇතුළත්ව ඇත. මීට අමතරව පාකිස්තාන ක්‍රීඩකයන් දෙදෙනෙකු, ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙකු හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් දෙදෙනෙකු බැගින්ද මෙම කණ්ඩායමට ඇතුළත්ය. යොවුන් ක්‍රීඩක පැතුම් නිස්සංක වයස අවුරුදු 25ට අඩු විස්ඩන් ලෝක ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයායි.


මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙසින් අබ්දුල්ලා ශාෆික් හා ශුබ්ම්න් ගිල් නම් කොට ඇත. අබ්දුල්ලා ශාෆික් ශ්‍රී ලංකාව සමගින් පැවති අවසන් ටෙස්ට් තරගාවලියේදී නොදැවුනු ලකුණු 160ක් රැස්කරමින් පාකිස්තානයට ටෙස්ට් ජයක් උරුම කර දෙන්නට සමත් විය.අනික් ආරම්භක පිතිකරුවා වන ඉන්දීය ක්‍රීඩක ශුබ්ම්න් ගිල් ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය කණ්ඩායම සුවිශේෂී ජයක් ලද ගබ්බා ටෙස්ට් තරගයේදී ලකුණු 91ක් රැස්කරමින් එම ජයග්‍රහණයට දායක විය.


මෙම කණ්ඩායමේ අංක තුන පිතිකරු ලෙසින් පැතුම් නිස්සංක නම්කොට ඇති අතර ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට සමත් විය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවකු ලෙසින් ඔහු උසස්වීම් ලැබීය. එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 27කට ක්‍රීඩාකොට ඇති ඔලී පෝප් මෙම කණ්ඩායමට ඇතුළත් අතර ඔහු නවසීලන්තයට එරෙහිව ට්‍රෙන්ට්බ්‍රිජ්හිදී ශතකයක්ද හෙඩින්ග්ලි තරගයේ සාර්ථක හබායාමක් සිදුකරන්නට ලකුණු 82කින්ද දායක විය.


ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් මෙම කණ්ඩායමට නම් කොට ඇති අතර ඔහු අවසන් වූ අලුබදුන ටෙස්ට් තරගාවලියේදී කඩුලු 13ක්ද දවාගැනීමට සමත් විය.ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් විස්ඩන් ලෝක ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් සුවිශේෂී ක්‍රීඩකයෙකි. වයස අවුරුදු 25ට පෙර ටෙස්ට් ශතක 5ක් රැස්කොට ඇති ලොව එකම කඩුලු රකින්නා වනුයේද රිෂාබ් පාන්ට්ය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී හබායාම් රැසක් සිදුකරන්නට දායක වූ රිෂාබ් පාන්ට් ගබ්බාහිදී සිදුකළ හබායාම ක්‍රිකට් පිටියේ සුවිශේෂී එක් හබායාමක් බවට පත්විය.


බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින ක්‍රීඩක ජෝෂුවාද සිල්වා එංගලන්තයට එරෙහිව සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ අතර ඔහු ටෙස්ට් තරග 16ක් තුළදී ලකුණු 670ක් රැස්කොට ඇත. විස්ඩන් 25ට අඩු ලෝක ටෙස්ට් කණ්ඩායමට ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන් අතරෙහි තෙවැන්නා වන ශහීන් අෆ්‍රිඩිද ඇතුළත්ය. මීට අමතරව සෙසු පන්දු යවන්නන් ලෙසින් නම් කොට ඇත්තේ මාර්කෝ ජන්සෙන්, මෙහෙදි හසන් මිරාස් හා ජ්‍රෙඩ්න් සීල්ස්ය.


වයස අවුරුදු 25ට අඩු ලෝක ටෙස්ට් කණ්ඩායම හා ක්‍රීඩකයන්ගේ දක්ෂතා


අබ්දුල්ලා ශාෆික්

Tests: 7

736 runs @ 66.90; two hundreds, HS: 160*


ශුබ්ම්න් ගිල්

Tests: 11

579 runs @ 30.47; HS: 91


පැතුම් නිස්සංක

Tests: 9

537 runs @ 38.35; one hundred, HS: 103


ඔලී පෝප්

Tests: 27

1,309 runs @ 29.75; two hundreds, HS: 145


කැමරන් ග්‍රීන්

Tests: 14

723 runs @ 36.15; HS: 84

16 wickets @ 32.12; HS: 3-21


රිෂාබ් පාන්ට්

Tests: 31

2,123 runs @ 43.32; five hundreds, HS: 159*


ජෝෂුවාද සිල්වා

Tests: 16

670 runs @ 30.45; one hundred, HS: 100


මාර්කෝ ජන්සෙන්

Tests: 5

28 wickets @ 20.35; BBI: 4-31


මෙහෙදි හසන් මිරාස්

Tests: 35

135 wickets @ 34.15; eight five-fors, BBI: 7-58


ශහීන් අෆ්‍රිඩි

Tests: 25

99 wickets @ 24.86; four five-fors, BBI: 6-51


ජේඩ්න් සීල්ස්

Tests: 9

36 wickets @ 21.77; one five-for, BBI: 5-55

9,011 views0 comments