• Chathura Ramanayake

25ට අඩු විස්ඩන් ලෝක එක්දින කණ්ඩායමට ඇෆ්ගනිස්තානයෙන් හා පාකිස්තානයෙන් 4ක් !!!



ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන වයස අවුරුදු 25ට අඩු ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ලෝක එක්දින කණ්ඩායමක් නම් කිරීමට ලොව ප්‍රකට විස්ඩන් සගරාව කටයුතු කොට ඇත. මෙම කණ්ඩායමට පාකිස්තාන හා ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් දෙදෙනෙකු බැගින් ඇතුළත්ය. මෙම කණ්ඩායමට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඇතුළත්ව නොමැත.


විස්ඩන් සගරාව නම් කළ මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙසින් එංගලන්ත ක්‍රීඩක පිල් සෝල්ට් හා ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රහ්මනුල්ලා ගුර්බාස් කටයුතු කරයි. පිල් සෝල්ට් තවමත් එක්දින තරග 8කට පමණක් ක්‍රීඩා කොට ඇති අතර ලකුණු 369ක් රැස්කොට ඇත්තේ 52.71ක සාමාන්‍යයක් රදවා ගනිමිනි. 19 හැවිරිදි වියෙහි පසුවන රහ්මනුල්ලා ගුර්බාස් මංගල එක්දින තරගයේදී ශතකයක් රැස්කිරීමට සමත් වූයේ එවන් දස්කමක් පෑ ලොව 16 වන ක්‍රීඩකයා ලෙසිනි. ගුර්බාස් මේ වන විට එක්දින තරග 12ක් තුළදී ලකුණු 456ක් රැස්කිරීමට සමත් වී ඇත.


කොදෙව් ක්‍රීඩක ශිම්රන් හේට්මයර් 25ට අඩු ලෝක එක්දින කණ්ඩායමේ අංක 3 පිතිකරු ලෙසින් නම් කොට ඇත. ඔහු මේ වන විට එක්දින ලකුණු 1447ක් රැස්කිරීමට සමත් වී ඇත්තේ ශතක 5ක් හා අර්ධ ශතක 4ක් සමගිනි. අයර්ලන්ත යොවුන් ක්‍රීඩක හැරී ටෙක්ටර්ද මෙම කණ්ඩායමට ඇතුළත් අතර ඔහු හොදම රිද්මයේ සිටින ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් විස්ඩන් එක්දින කණ්ඩායමටද මින් පෙර නම් කෙරිණි. හැරී ටෙක්ටර් තරග 23ක් ක්‍රීඩා කරමින් ලකුණු 895ක් රැස්කොට ඇත්තේ 47.10ක පිතිකරණ සාමාන්‍යයක් රදවා ගනිමිනි.


ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් විස්ඩන් 25ට අඩු ලෝක එක්දින කණ්ඩායමේ අංක 5 පිතිකරු ලෙසින් නම් කොට ඇත. එංගලන්තයට එරෙහි අවසන් එක්දින තරගාවලියේදී නොදැවුනු ජයග්‍රාහී ශතකයක් වාර්තා කිරීමට පාන්ට් සමත් විය. එක්දින තරග 12ක් තුළදී ලකුණු 371ක් රැස්කොට ඇති දකුණු අප්‍රිකානු ක්‍රීඩක කයිල් වැරේන්ද විස්ඩන් සගරාව නම් කළ මෙම කණ්ඩායමට ඇතුළත්ය.


කණ්ඩායමට ඇතුළත් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරට පාකිස්තාන ක්‍රීඩක ශඩාබ් ඛාන් ඇතුළත්ය. ශඩාබ් ඛාන් එක්දින තරග 51කදී ලකුණු 548ක් රැස්කොට ඇති අතර කඩුලු 69ක්ද දවාගැනීමට සමත් වී ඇත. කණ්ඩායමට ඇතුළත් අනෙක් ප්‍රබලතම දගපන්දු යවන්නා වනුයේ ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රශීඩ් ඛාන්ය. රශීඩ් ඛාන් එක්දින ක්‍රිකට් පිටිය තුළ කඩුලු 158ක් දවාගැනීමට සමත්ව ඇති ක්‍රීඩකයෙකි. විස්ඩන් සගරාව නම් කළ කණ්ඩායමේ වේගපන්දු යවන්නන් ලෙසින් අල්සාරී ජෝසප්, ශහීන් අෆ්‍රිඩි හා සිම්බාබ්වේ ක්‍රීඩක බ්ලෙසින් මුසරබානී නම් කොට ඇත.


ක්‍රීඩකයන්ගේ දක්ෂතා


පිල් සෝල්ට් – England

8 ODIs, 369 runs @ 52.71, HS: 122


රහ්මනුල්ලා ගුර්බාස් – Afghanistan

12 ODIs, 456 runs @ 41.45, HS: 127


ශිම්රන් හේට්මයර් – West Indies

47 ODIs, 1,447 runs @ 35.29, HS: 139


හැරී ටෙක්ටර් – Ireland

23 ODIs, 895 runs @ 47.10, HS: 113


රිෂාබ් පාන්ට් – India

27 ODIs, 840 runs @ 36.52, HS: 125*


කයිල් වැරේන් – South Africa

12 ODIs, 371 runs @ 41.22, HS: 95


ශඩාබ් ඛාන් – Pakistan

51 ODIs, 548 runs @ 26.09, HS: 86

69 wickets @ 30.82, BBI: 4-28


රශීඩ් ඛාන් – Afghanistan

83 ODIs, 158 wickets @ 18.65, BBI: 7-18


අල්සාරී ජෝසප් – West Indies

51 ODIs, 82 wickets @ 27.60, BBI: 5-56


ශහීන් අෆ්‍රිඩි – Pakistan

32 ODIs, 62 wickets @ 23.87, BBI: 6-35


බ්ලෙසින් මුසරබානී – Zimbabwe

33 ODIs, 46 wickets @ 29.91, BBI: 5-49

0 views0 comments