• Chathura Ramanayake

21 ක් වියැති දිල්ශාන්ට ඩිකොක්, ජේසන් වැනි ප්‍රභලයින් සමඟ ක්‍රීඩා කිරීමට වරම්.


දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විස්සයි විස්ස ලීග් පිටියට හදුන්වා දෙන SA20 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේදී සාර්ථකව පැවැත්වීණි. එම ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 56කට ආසන්න මුදල් ප්‍රමාණයක් වෙනුවෙන් ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එක් කොට ගැනුණි. ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරණුයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසිනි.



ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් ද ඇතුළත්ය. දිල්ෂාන් මධුසංඛට අමතරව කණ්ඩායමට ඇතුළත් සෙසු විදෙස් ක්‍රීඩකයන් වනුයේ ජේසන් හෝල්ඩර්, කයිල් මේයර්ස්, රීස් ටොප්ලී, කීමෝ පෝල් හා ජොන්සන් චාල්ස්ය. විදෙස් ක්‍රීඩකයන් අතුරින් සිව්දෙනෙකුම කොදෙව් ක්‍රීඩකයන්ය.


ක්වින්ටන් ඩි කොක් හැරුනු විට නම් දැරූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ද ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ඇතුළත්. කේෂව් මහරාජ්, හෙන්‍රිච් ක්ලාසන්, ඩ්වේන් ප්‍රිටෝරියස්, කයිල් ඇබර්ට්, ජූනියර් ඩලා, වියාන් මුල්ඩර් යන දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ දස්කම් පෑ ක්‍රීඩකයන් මෙම කණ්ඩායමට ඇතුළත් ය.


ඩර්බන් සුපර් ජයන්ට්ස් සංචිතය


Quinton de Kock, Prenelan Subrayen, Jason Holder, Kyle Mayers, Reece Topley, Dwaine Pretorius, Heinrich Klaasen, Keemo Paul, Keshav Maharaj, Kyle Abbott, Junior Dala, Dilshan Madushanka, Johnson Charles, Matthew Breetzke, Christiaan Jonker, Wiaan Mulder, Simon Harmer

1,399 views0 comments