• Shaminda Jayarathne

2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව එක් කිරීම පිළිබඳ නැවතත් අවධානය

'බිලියන 2.5ක පමණ ප්‍රේක්ෂකාගාරයක් හිමි ලොව දෙවැනි ජනප්‍රියම ක්‍රීඩාව ලෙසින් නම්දරා තිබෙන්නේ ආසන්න වශයෙන් බිලියන 3.5ක පමණ ප්‍රේක්ෂකාගාරයක් හිමි පාපන්දුවට පමණයි. ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියතාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පැවති පසුගිය වසර කිහිපය තුළම 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාවද එක් කිරීමේ සාකච්චා පැවතුණා.


මේ කතාබහ නැවත කරළියට පැමිණියේ මේ දිනවල එංගලන්තයේ බර්මින්හැම් නුවර ක්‍රියාත්මක වන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට කාන්තා T20 ක්‍රිකට් තරඟ රටාව ඇතුළත් වීමත් සමඟයි. පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟ බිමේ කාන්තා ක්‍රිකට් පිටිය සාර්ථකව දියත් වීම නිසා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත් ඉහළ මට්ටමේ උත්තේජනයක් ලැබුණු බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.


ක්‍රිකට් ක්‍රීඩාව සමඟින් තවත් ක්‍රීඩා 8ක් 2028 ඔලිම්පික් උළෙලේ ස්ථානයක් වෙන්කර ගැනීමට මේ වන විට තරඟ කරමින් සිටිනවා. ඒ ක්‍රීඩා වන්නේ Baseball/softball, Flag football, Lacrosse, Breakdancing, Karate, Kickboxing, Squash, and Racing යන ක්‍රීඩායි.

ක්‍රිකට් ක්‍රීඩාවට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී විශාල අවධානයක් ලැබුණු බවත් ඒ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමට ඉතාමත් හොඳ පසුබිමක සිටින බවත් ජාතන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.


මේ වෙනුවෙන් සාකච්චා කිරීම වෙනුවෙන් ICC ය විසින් 2028 ඔලිම්පික් සංවිධායක වරුන් හමුවීමට නියමිත අතර 2023 වසරේදී ඉන්දියාවේ මුම්බායි නුවරදී ඔවුන් හමුවේ ICC යේ යෝජනාවලිය ඉදිරිපත් කෙරෙනු ඇති.

0 views0 comments