• Chathura Ramanayake

2011 ලෝක කුසලානයේ සුවිශේෂී කඩුල්ලක සැඟවුණු කතාව හර්බජාන් කියයි !!



ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ තවත් එක් ස්වර්ණමය දිනයක් වසර 2011දී උදාවිය. ඒ එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දෙවන වරටත් ශූරයන් ලෙසින් ඉන්දීය කණ්ඩායම කිරුලු පැලැන්දූ දිනයයි. මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුතු වූ ඉන්දීය කණ්ඩායම දෙවන වරටත් ලෝක ශූරයන් ලෙසින් ජය පැන් බොද්දී ලොව පහළ වූ විශිෂ්ඨතම පිතිකරුවෙකු වූ සචින් තෙන්ඩුල්කාර්ට විශිෂ්ඨ සමු ගැනීමක් ලබා දෙන්නටද ඉන්දීය ක්‍රීඩකයන්ට හැකිවිය.


ඉන්දීය කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේදී එවකට ශූරයන් ලෙසින් වැජබුනු ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරන්නට සමත් විය. අනතුරුව ඉන්දීය කණ්ඩායමට අවසන් පූර්ව වටයේදී සිය ප්‍රතිවාදීන් ලෙසින් මුණ ගැසුණේ අසල්වැසි පාකිස්තානයයි.


මෙම තරගයේදී සචින් තෙන්ඩුල්කාර්ගේ පිත්ත මොහාලි තණතීරුවේදී පාකිස්තාන පන්දු යවන්නන් එරෙහි විය. සචින්ගේ පිත්තෙන් එක්වූ ලකුණු 85 ඉන්දීය ඉනීම කඩුලු 9කට ලකුණු 260ක් තෙක් ඔසවා තබන්නට දායක විය. ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන පාකිස්තාන කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ට ජයග්‍රාහී ඉනීමක් ක්‍රීඩා කරන්නට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ නොතැබූහ.


නමුත් නායක මිස්බා උල් හක් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ප්‍රභල උත්සාහයක නිරත විය. එවක 21 හැවිරිදි වියෙහි පසුවූ උමාර් අක්මාල් හයේ පහර 2ක් හා හතරේ පහරක් සමගින් ඉන්දීය පන්දු යවන්නට එරෙහිව වේගවත් ලකුණු 29ක් රැස් කරන්නට විය. මිස්බා හා උමාර් පිතිකරණයේ නියැලෙන විට මහේන්ද්‍ර සිං දෝනි තමාට උපදෙසක් ලබාදුන් බව හර්බජාන් සදහන් කොට ඇත.


" එය මාව හිරිවැටෙනවා වගේ දැනුනු තරග වලින් එකක්. මම ඒ වෙද්දි ඕවර් පහක් යවලා ලකුණු 26-27 වගේ ලබා දීල තිබ්බා. ඒ වෙලේ මට දෝනි කිව්වා අරවුන්ඩ් ද විකට් දාන්න කියලා. උමාර් ඉතා හොදින් ක්‍රීඩා කරමින් සිටියා. මිස්බත් හොදට ක්‍රීඩා කරා ඒ වෙද්දි. ඔවුන් ලකුණු රැස්කරමින් සබදතාවක් ගොඩ නැගීම භයානක වුණා."


" මම පන්දු යවන්න එද්දි මට දෙවියන් සිහි වුණා. මම අයැදුවේ ජයග්‍රහණය විතරයි. මම යොමුකළ පළමු පන්දුවෙන්ම මට පුලුවන් වුණා උමාර් අක්මාල් දවාගන්න. අරවුන්ඩ් ද විකට් ආකාරයට මම ඒ පන්දුව යැව්වෙ. ඔහුට එම පන්දුව සම්පූර්ණයෙන් මග හැරුණා."


අක්මාල්ගේ කඩුල්ල බිඳවැටීමෙන් අනතුරුව පාකිස්තාන පසුපෙළ පිතිකරුවන්ද ඉක්මනින් දවාගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් විය. පාකිස්තාන කණ්ඩායමට සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 231ක් පමණි.

947 views0 comments