• Chathura Ramanayake

හිමිකාරීත්වය සතු වූවත් ලීග ද්විත්වයම ඉන්දියානුවන්ට අහිමි වෙයි !!!



එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනය හදුන්වා දුන් නවතම ලීගයේ කණ්ඩායම් 6න් පහක හිමිකාරීත්වය දරණුයේ ඉන්දීය හිමිකරුවන් විසිනි. ඒ අතරින් කණ්ඩායම් 3ක හිමිකාරීත්වය දිල්ලි කැපිටල්ස්, මුම්බායි ඉන්දියන්ස් හා කොල්කටා නයිට්‍රයිඩර්ස් හිමිකරුවන් සතුය. එමෙන්ම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ලීගයේ කණ්ඩායම් හයේම හිමිකාරීත්වය දරණුයේද IPL හිමිකරුවන් විසිනි.


ඉන්දීය ක්‍රිකට් ආයතනය සමගින් ගිවිසුම්ගත හෝ විශ්‍රාම ගොස් සිටින නමුත් IPL ක්‍රීඩා කරන කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකුට දකුණු අප්‍රිකාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලීග් තරගාවලි වෙනුවෙන් සහභාගි වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අවසර ලබා නොදීමට තීරණය කොට ඇත. IPL තරඟාවලියේ ක්‍රීඩා කරන කිසිවකුට මෙම විදේශීය ලීගවල උපදේශකයෙකු ලෙසින් කටයුතු කිරීමටද අවස්ථාව හිමි නොවනු ඇත.


ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන මහේන්ද්‍ර සිං දෝනිට දකුණු අප්‍රිකානු ලීගයේ උපදේශකයෙකු ලෙසින් කටයුතු කළ නොහැකි වනු ඇත. මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතන ප්‍රකාශකයෙකු සදහන් කළේ දෝනි දකුණු අප්‍රිකානු ලීග් තරගාවලියේ උපදේශකයෙකු ලෙසින් කටයුතු කළහොත් ඔහුට IPL තරග වලට ක්‍රීඩා කළ නොහැකි බවයි.


" දේශීය ක්‍රීඩකයින් ඇතුළු කිසිදු ඉන්දියානු ක්‍රීඩකයෙකුට, තමා සියලු තරග ආකෘති වලින් විශ්‍රාම ගන්නා තෙක් වෙනත් කිසිදු ලීගයකට සහභාගී විය නොහැකියි. ඕනෑම ක්‍රීඩකයෙකුට මෙම ලීගවලට සහභාගී වීමට අවශ්‍ය නම් ඔහුට එසේ කළ හැක්කේ ඔහු BCCI සමඟ ඇති සියලුගිවිසුම් අවලංගු කිරීමෙන් පසුවයි” යනුවෙන් BCCI නිලධාරියෙක් ඉන්දීය එක්ස්ප්‍රස් වෙත පැවසීය.

36 views0 comments