• Chathura Ramanayake

හිටපු ශ්‍රී ලංකා නායකයාට නව වගකීමක් !!



හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතාට නව තනතුරක් හිමි වී ඇත. ඒ අනුව හිටපු ප්‍රහාරාත්මක පිතිකරු සනත් ජයසූරිය සංචාරක තානාපතිවරයා ලෙසින් පත් කොට ඇත. මෙම පත්වීම සිදුකොට ඇත්තේ හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසිනි.


නව සංචාරක උපදේශක මණ්ඩලයක් පත් වීම ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ උත්සවයක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතය. සනත් ජයසූරිය මහතා ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හොදින් හඳුනන අති දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. විශේෂයෙන් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා මාලදිවයින ඉලක්ක කොට ගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සදහා ස්වෙච්ඡාවෙන් සහභාගී වීමට සනත් ජයසූරිය සිය කැමැත්ත පළකොට ඇත.


පනස් තුන් හැවිරිදි වියෙහි පසුවන සනත් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන් ඉරියව්වෙන් දස්කම් පෑ ක්‍රීඩකයෙකි. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 6793, එක්දින ලකුණු 13430ක් හා විස්සයි විස්ස ලකුණු 629ක් රැස්කොට ඇත. ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙසින් ප්‍රකට සනත් ජයසූරිය පන්දුවෙන්ද දසකම් පාන්නට සමත් වී ඇත්තේ ජාත්‍යන්තර කඩුලු 440ක් දවාගනිමිනි. නව තනතුරෙහි අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් ශ්‍රී ලංකාවට උපරිම සේවයක් සිදුකිරීමට මෙවරද සනත් ජයසූරියට හැකිවේවායි Creeda Sports Network අප ඔහුට සුභපැතුම් එක් කරනෙමු.

0 views0 comments