• Chathura Ramanayake

හිටපු ශ්‍රී ලංකා නායකයාට ජාතික වගකීමක් !!



ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතාට සුවිශේෂී වගකීමක් ලබාදීමට තීරණය කොට ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ජාතික ක්‍රීඩා කවුන්සලයේ ප්‍රධානි තනතුර අර්ජුන රණතුංග මහතාට බාරගන්නා මෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඉල්ලීමක් කොට ඇති බව ක්‍රීඩා ආරංචිමාර්ග සදහන් කරයි.


හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා Newswire වෙබ් අඩවිය වෙත මේ බව තහවුරු කරමින් සදහන් කොට ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම තනතුර බාරගන්නා ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවයි.තවද අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කොට සිටියේ මේ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අද දිනයේදී සිය අවසන් තීරණය ගන්නා බවයි.


ජාතික ක්‍රීඩා සභාව හෙට දිනයේ පත් කිරීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචිමාර්ග සදහන් කොට ඇත. මින් ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමත් සමඟ ඔහු ඇතුළු කමිටුවද ඉල්ලා අස්විය.

64 views0 comments