• Chathura Ramanayake

හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු මෙවර Legends ලීග් තරගාවලියට !!!



Legends ක්‍රිකට් ලීග් තරගාවලියේ දෙවන අදියර මෙම වසරේ සැප්තැම්බර් මස 20වනදා සිට ඔක්තෝබර් මස 10වනදා තෙක් පැවැත්වීමට නියමිතය. තරගාවලිය ඕමානයේ පිහිටි Muscat ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගාවලියේ පළමු අදියර වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම , ආසියානු කණ්ඩායම හා ලෝක කණ්ඩායම ලෙසින් කණ්ඩායම් තුනක් එක් විය.


Legends ක්‍රිකට් ලීග් තරගාවලියේ දෙවන අදියර වෙනුවෙන් හිටපු ඉන්දීය ක්‍රීඩකයන් වන විරේන්ද්‍ර ශෙවාග්, යූසුෆ් පතාන් හා ඉර්ෆාන් පතාන් ක්‍රීඩා කරන බව තහවුරු කොට ඇත. එමෙන්ම හිටපු ඉන්දීය ක්‍රීඩකයන් වන පාතිව් පටෙල්, ප්‍රග්‍යාන් ඕජා, අශෝක් ඩින්ඩාද මෙවර තරගාවලියට ක්‍රීඩා කරනු ඇත. හිටපු සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් වූ මිචෙල් ජොන්සන් හා බ්‍රෙට් ලී මෙවර තරගාවලියට එක්වීමට සූදානමින් පසුවෙයි.


හිටපු එංගලන්ත නායක ඉයන් මෝගන්ද මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන අතර හිටපු ශ්‍රී ලංකා නායක තිසර පෙරේරාද ලෙජන්ඩ්ස් ලීග් දෙවන අදියරට ක්‍රීඩා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 4ක් තටග වැදීමට නියමිත බැවින් හිටපු ක්‍රීඩකයන් 110 දෙනෙකු පමණ තරගාවලිය වෙනුවෙන් සම්බන්ධ වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

69 views0 comments