• Chathura Ramanayake

හිටපු විනිසුරු රූඩි ජීවන ඉනීමෙන් දැවීයයි !!



ලෝක ක්‍රිකට් පිටියේ නම රැදවූ විනිසුරුවරයකු වූ රූඩි කර්ස්ටන් මහතා කාර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත. මිය යන විටදී රූඩි කර්ස්ටන් මහතා 73 හැවිරිදි වියෙහි පසුවිය. රූඩි ඔහුගේ මිතුරන් සමග ගෝල්ෆ් තරගාවලියකට ගිය බවත් සදුදා දිනයේදී ඔහු පැමිණීමට නියමිතව තිබූ බවත් රූඩිගේ පුත්‍රයා සදහන් කොට ඇත.


මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින් පුද්ගලයන් තිදෙනකු මිය ගොස් ඇති බව දකුණු අප්‍රිකානු මාධ්‍ය වාර්තා සදහන් කොට ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂ විනිසුරුවරයකු වූ රූඩි කර්ස්ටන් මහතා ජාත්‍යන්තර ටෙස්ට් තරග 108කදී විනිසුරුවරයකු ලෙසින් කටයුතු කොට ඇත. කුමාර් සංගක්කාර ඕස්ට්‍රේලියාවට එරෙහිව ද්විත්ව ශතකය පෙනෙන මානයේ සිටියදී ලබාදුන් විනිසුරු තීරණය රූඩි කර්ස්ටන් මහතා පිලිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුළ මතකයේ රැඳෙන සුවිශේෂීම සිදුවීමකි.


එමෙන්ම රූඩි කර්ස්ටන් ජාත්‍යන්තර එක්දින තරග 209කදී හා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 15කදී විනිසුරුවරයකු ලෙසින් සිය සේවය සැපයීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට තවත් අවාසනාවන්ත තරගයක් වූ 2007 ලෝක කුසලාන එක්දින තරාගාවලියේ අවසන් මහා තරගයේදීද රූඩි කර්ස්ටන් මහතා විනිසුරුවරයකු ලෙසින් කටයුතු කළේය. හිටපු දකුණු අප්‍රිකානු විනිසුරු රූඩි කර්ස්ටන් ICC Elite Panel සාමාජිකයෙකු ලෙසින්ද කටයුතු කොට ඇත. 1992 වසරේ සිට 2010 වසර තෙක් පුරා වසර 18ක් විනිසුරුවරයකු ලෙසින් ක්‍රිකට් පිටියේදී සිය කාර්‍යභාරය ඉටුකළ රූඩි කර්ස්ටන් ඔබට සුබ ගමන්..

623 views0 comments