• Chathura Ramanayake

හිටපු පුහුණුකරුගෙන් වනිදුට පැසසුම්.

හිටපු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ආසියානු කුසලාන තරගාවලියේ වීරයා වූ වනිඳු හසරංගට ප්‍රශංසා කරමින් කියා සිටියේ ඔහු විශාල ප්‍රේක්ශකයන් සහිත වේදිකාවක ක්‍රීඩා කිරීමට ප්‍රිය කරන අයෙකු බවයි.



ලකුණු 58කට කඩුලු 5ක් ලෙසින් ශ්‍රී ලංකා ඉනීම දිස්වූ අවස්ථාවේදී හසරංග පන්දු 21කින් වේගවත් ලකුණු 36ක් රැස් කළ අතර පසුව කඩුලු 3ක් දවාගනිමින් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට දෝලනය කරමින් හයවැනි ආසියානු කුසලානය දිනාදෙන්නට තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වීය.


"හරියටම හරි. ඔහු ප්‍රභල ක්‍රීඩකයෙක්. ඔහු අගභාගයේ සෙල්ලම් කිරීමට කැමතියි. ඔහුගේ පිතිහරඹය, භානුක සමඟ ඇතිකරගත් එම සබඳතාව විශිෂ්ටයි. ඔහු තරගය ඉදිරියට ගෙන ගියා. ඒ වගේම ඔහු තනි පන්දුවාරයකදී කඩුලු 3ක් දවාගත්තා."
"තරගය දුෂ්කර වූ අවස්ථාවල ඔහු නැගී ඉන්නවා. වනිඳු හසරංගගේ මම කවදත් කැමති එක දෙයක් ඒක. පීඩනය වැඩි වන විට, ඔහු රැදීසිටිමින් ඔහුගේ කාර්යය ඉටු කරයි. ඔහු අද හොඳින් ක්‍රීඩා කරන බව මම දැන සිටියා." යනුවෙන් ESPNcricinfo වෙත මිකී ආතර් පැවසීය.

“වනිදු ඔහු ඉතා විශ්වාසවන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ක්‍රිකට් ක්‍රීඩකයන් දැඩි පීඩන අවස්ථාවන්හිදී පසුපසට යනවා. වනිදු අපූරු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මම එය දැන සිටියා. ඔහු තමාව වගේම ඔහුගේ සම වයසේ මිතුරන්ව ඔහු වටා රැගෙන යන ආකාරය ඔබට දැක ගන්න පුලුවන්. ඔහු ඇදහිය නොහැකි, ඉතා හොඳ ක්‍රීඩකයෙක්"

2,377 views0 comments