• Chathura Ramanayake

හර්ෂා බෝග්ලේ නම් කළ ආසියානු කුසලාන හොදම කණ්ඩායමට ශ්‍රී ලාංකිකයන් තුනක් !!


ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය හෙට දිනයේදී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙයි. මෙවර තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර අතරට පිවිසීමේ අවස්ථාව බංග්ලාදේශයට හා හොංකොං කණ්ඩායමට අහිමි විය. තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටය අවසානය තෙක් ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා පදනම් කොට ගනිමින්, ඉන්දීය ප්‍රකට විස්තර විචාරක හර්ෂා බෝග්ලේ විසින් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ හොදම කණ්ඩායම නම් කොට ඇත.


හර්ෂා බෝග්ලේ විසින් නම් කළ මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනකු ඇතුළත්ය. ඒ අනුව මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක, මැදපෙළ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ හා වමත් වේගපන්දු යවන යොවුන් ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛ යන ක්‍රීඩකයන් ඇතුළත්ය.


හර්ෂා බෝග්ලේ නම් කළ ආසියානු කුසලාන තරගාවලියේ හොදම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙසින් මොහොමඩ් රිස්වාන් හා රහ්මනුල්ලා ගුර්බාස් නම් කොට ඇත. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන විරාට් කෝලි මෙම කණ්ඩායමේ අංක තුන පිතිකරු ලෙසින් නම් කොට ඇත.


කණ්ඩායමට ඇතුළත් සෙසු ක්‍රීඩකයන් අතරට පාකිස්තාන ක්‍රීඩකයන් වන ශඩාබ් ඛාන්, මොහොමඩ් වසීම් හා නසීම් ශාහ් යන ක්‍රීඩකයන් ඇතුළත්ය. තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභීන් අතර සිව්වැන්නා හා පස්වැන්නා වන පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් හට මෙම කණ්ඩායමේ ඉඩක් හිමි වී නොමැත.


හර්ෂා බෝග්ලේ නම් කළ ආසියානු කුසලාන තරගාවලියේ හොදම කණ්ඩායම

මොහොමඩ් රිස්වාන්

රහ්මනුල්ලා ගුර්බාස්

විරාට් කෝලි

නජිබුල්ලා සද්‍රාන්

භානුක රාජපක්ෂ

දසුන් ශානක

ශඩාබ් ඛාන්

මොහොමඩ් නවාස්

නසීම් ශාහ්

බුවනේෂ්වර් කුමාර්

දිල්ෂාන් මධුසංඛ

23,295 views0 comments