• Chathura Ramanayake

සිව්වන පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම මල්ලවපොර ඉසව්වෙන් !!



22වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ සිව්වන පදක්කම දිනාගැනීමට ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවට හැකිවිය.ඒ ඊයේ දිනයේදී මල්ලවපොර ඉසව්වකදී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් හිමිවීමත් සමගිනි. ඊයේ දිනයේදී පැවැති කාන්තා මල්ලවපොර ඉසව්වෙහි කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම සදහා වූ තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකා නෙත්මි අහිංසා සහභාගී විය.


18 හැවිරිදි වියෙහි පසුවන නෙත්මිගේ ප්‍රතිවාදියා බවට පත්වූයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා අයරින් සිමියොනිඩීස්ය. මෙම තරගයෙන් ලකුණු 10ක් ලෙසින් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගැනීමට නෙත්මි අහිංසා සමත් වූයේ එම ඉසව්වෙහි ලෝකඩ පදක්කම් ලාභිනිය ලෙසින් කිරුලු දරමිනි.


මේ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනාගත් ලාබාලතම ක්‍රීඩිකාව ලෙසින්ද ඇය වාර්තා අතරට එක්විය.

එමෙන්ම මල්ලවපොර ඉසව්වකින් ශ්‍රී ලංකාව ලබාගත් පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම බවටද මෙය පත්වනු ඇත. මෙම පදක්කමද සමගින් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වී ඇත.

0 views0 comments