• Chathura Ramanayake

සියවන ටෙස්ට් තරගයේ ශතක ලාභීන් !!!



ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිවුස් සිය ක්‍රිකට් දිවියේ සියවන ටෙස්ට් තරගය වෙනුවෙන් හෙට දිනයේදී ක්‍රීඩා කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග සියයක් ක්‍රීඩා කළ හයවන ක්‍රීඩකයා මෙන්ම ලොව 72වන ක්‍රීඩකයා බවටද ඇන්ජලෝ මැතිවුස් බවට හෙට දිනයේදී ඇන්ජලෝ මැතිවුස් පත් වනු ඇත.


ටෙස්ට් ක්‍රිකට් තරග සියයකට ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කොට තිබුණද සියවන ටෙස්ට් තරගයේදී ශතකයක් රැස්කිරීමට සමත්ව ඇත්තේ ක්‍රීඩකයන් අටදෙනෙකු පමණි. එම ක්‍රීඩකයන් අතුරින් හිටපු ඕස්ට්‍රේලියානු නායකයෙකු වූ රිකී පොන්ටින් විසින් සියවන ටෙස්ට් තරගයේ ඉනීම දෙක තුළදීම ශතක වාර්තා කොට ඇත. එවන් දක්ෂතාවයක් පෙන්නුම් කළ ලොව එකම පිතිකරුවා වනුයේද රිකී පොන්ටින්ය.


සියවන ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් රැස්කළ ලොව එකම පිතිකරුවා බවට පත් වන්නට ජෝ රූට් සමත් වූයේ පසුගිය වසරේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 218ක් රැස්කරමිනි. තම සියවන ටෙස්ට් තරගයේදී ශතකයක් රැස්කිරීමට සමත්ව ඇත්තේ ආසියානු ක්‍රීඩකයන් දෙදෙනෙකු පමණි. පාකිස්තාන ක්‍රීඩකයන් වූ ජාවෙඩ් මියන්ඩාඩ් හා ඉන්සමාම් උල් හක් විසින් එම දක්ෂතාවය පෙන්නුම් කොට ඇත.


සියවන ටෙස්ට් තරගයේදී ශතකයක් රැස්කළ ක්‍රීඩකයන්


කොලින් චව්ද්‍රි (ENG) - 104

ජාවෙඩ් මියන්ඩාඩ් (PAK) - 145

ගෝඩ්න් ග්‍රීනිජ් (WI) - 149

ඇලෙක් ස්ටෘවර්ට් (ENG) - 105

ඉන්සමාම් උල් හක් (PAK) - 184

රිකී පොන්ටින් (AUS) - 120

රිකී පොන්ටින් (AUS) - 143*

ග්‍රැහැම් ස්මිත් (SA) - 131

හෂීම් අම්ලා (SA) - 134

ජෝ රූට් (ENG) - 218

2,325 views0 comments