• Chathura Ramanayake

සියල්ල තණතීරුව මතදී තීරණය වේවි. මෙහෙදිගෙන් දසුන්ට සැර පිළිතුරක්



ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය ඇෆ්ගනිස්තානයට එරෙහිව අද දිනයේදී පැවැත්වීමට නියමිතය. තරගය සම්බන්ධයෙන් හා තරගයට පෙර සූදානම පිළිබඳව බංග්ලාදේශ ක්‍රීඩක මෙහෙදි හසන් අදහස් දක්වා ඇත.


"සෑම කෙනෙකුම තම භූමිකාවන් පිළිබඳව හොඳින් දැන සිටීම වැදගත් යැයි මම සිතමි.  ආරම්භක පිතිකරුවෙකු තම ඉදිරි පන්දු යවන්නන් හසුරුවන්නේ කෙසේද, ඔවුන්ගේ දෝලනය හසුරුවන්නේ කෙසේද සහ ඒ සියල්ල පිළිබඳව දැනුවත් විය යුතුය.  අපි මෙහෙට එන්න කලින් ආසියානු කුසලානයට හොඳට සූදානම් වෙලා මෙහෙත් පුහුණුවීම් කළා.  ඉතින්, අපි දැන් කළ යුත්තේ තණතීරුවේදී එය ක්‍රියාත්මක කිරීමයි."


" අපි පසුගිය කාලයේ ඇෆ්ගනිස්තානයට එරෙහිව ක්‍රීඩා කර ඇති අතර ඔවුන්ට එරෙහිව ජයග්‍රහණය කර තිබෙනවා.  අපි ඔවුන්ට එරෙහිව මව්බිමේදී ක්‍රීඩා කළ අවසන් T20I තරඟාවලියේදී කණ්ඩායම් දෙකම ජයග්‍රහණය කළා.  අපි ඔවුන්ට වඩා පසුගාමී යැයි මම කියන්නෑ.  ඔවුන්ට ඉතා ප්‍රබල පන්දු යැවීමේ බලඇණියක් ඉන්නවා. නමුත් අපට හොඳ පළපුරුදු පිතිකරුවන් ඉන්නවා"


මේ අතර ශ්‍රී ලංකා නායක දසුන් ශානක පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මෙහෙදි හසන් මිරාස් අදහස් දක්වා ඇත.


"ඇත්තටම වඩාත් හොඳ කවුද කියලා පිටියේදී ඔප්පු වෙනවා.  හොඳ ටීම් එක නරක ගේම් ගහලා පැරදිලා නරක ටීම් එක හොඳ ගේම් ගහලා දිනන දවස් තියෙනවා.  වඩා හොඳ කවුද නැද්ද යන්න ගැන විනිශ්චය කිරීමට හෝ අනාවැකි කීමට මට අවශ්‍ය නැත. තණතීරුවේදී සියල්ල ඔප්පු වනු ඇතැයි මම විශ්වාස කරනවා"


" අපේ වේගපන්දු යවන්නන් හොඳින් දස්කම් දක්වන්නේ නැහැ කියලා ඔබ කිව්වා. තරගාවලි රැසක් එකවර පැවැත්වීම වේග පන්දු යවන්නන්ට යම් තෙහෙට්ටුවක් ඇති කරලා තියෙනවා. නමුත් දැන් මම හිතන්නේ වේගපන්දු යවන්නන් සහ දඟ පන්දු යවන්නන් ඉතා හොඳ තත්ත්වයක සිටිනවා"

2,556 views0 comments