
Chathura Ramanayake
සිම්බාබ්වේ හා නෙදර්ලන්තය විස්සයි විස්ස ලෝක කුසලානයට !!!

මෙම වසරේදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම සමත් විය. සිම්බාබ්වේහිදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ දෙවන අදියරේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමත් සමගින් ලෝක කුසලානයේ සිය ස්ථානයන් තහවුරු කොට ගැනීමට මෙම කණ්ඩායම් දෙකට හැකිවිය.
පැපුවා නිව් ගිනියා කණ්ඩායම සමගින් පැවති පළමු අවසන් පූර්ව තරගය ලකුණු 27කින් ජයග්රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකිවිය. දෙවන අවසන් පූර්ව තරගයේදී ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නෙදර්ලන්ත කණ්ඩායමට හැකිවිය.
අවසන් පූර්ව තරග සාරාංශය
සිම්බාබ්වේ හා පැපුවා නිව් ගිනියා තරගය Zimbabwe 199 for 5 (Madhevere 42, Ervine 38, Chakabva 30, Amini 2-28, Bau 2-32) Papua New Guinea 172 for 8 (Ura 66, Amini 31, Muzarabani 2-24)
ඇමරිකාව හා නෙදර්ලන්ත තරගය United States of America 138 for 10 (Monank Patel 32, van Meekeren 2-22, de Leede 2-23) Netherlands 139 for 3 (de Leede 91*)
ඒ අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලැබූ කණ්ඩායම් පහත දැක්වේ.
Australia
Afghanistan
Bangladesh
England
India
New Zealand
Pakistan
South Africa
Namibia
Ireland
Sri Lanka
Scotland
UAE
West Indies
Netherlands
Zimbabwe