• Chathura Ramanayake

සිම්බාබ්වේ ප්‍රභල වේගපන්දු යවන්නා ඕස්ට්‍රේලියානු සංචාරයට එක් වෙයි !!!



වේගපන්දු යවන ක්‍රීඩක බ්ලෙසින් මුසරබානී නැවත වරක් සිම්බාබ්වේ එක්දින සංචිතයට කැදවා ඇත. ඒ එළඹෙන අගෝස්තු මස 28වනදා ආරම්භ වීමට නියමිත ඕස්ට්‍රේලියානු තරග සංචාරය වෙනුවෙනි. ආබාධයකට ලක්ව තිබීම හේතුවෙන් මුසරබානී බංග්ලාදේශ හා ඉන්දීය තරගාවලි වෙනුවෙන් ක්‍රීඩා නොකළ අතර ඔහු යහපත් තත්වයෙන් සිටීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු සංචාරයට නම් කෙරුනු ක්‍රීඩකයන් 15කින් සමන්විත සංචිතයට කැදවා ඇත.


ඕස්ට්‍රේලියානු තරග සංචාරයේද නායකත්වය රෙගිස් චකබාවාට හිමි වී ඇති අතර නිත්‍ය නායක ක්‍රෙග් අර්වීන් තවමත් ආබාධ තත්වයෙන් සුව වී නොමැත. එමෙන්ම ආබාධයන්ට ලක්ව සිටින ටෙන්ඩයි චටාරා, වෙලින්ග්ටන් මසකඩ්සා හා මිල්ටම් ෂුම්බා යන ක්‍රීඩකයන්ටද ඕස්ට්‍රේලියානු සංචාරය අහිමි වී ඇත.


අවසන් වරට සිම්බාබ්වේ කණ්ඩායම ඕස්ට්‍රේලියාවේදී එක්දින තරගයක් ක්‍රීඩා කොට ඇත්තේ 2015 ලෝක කුසලාන තරගාවලියේදීය. මෙම තරගාවලිය 2020 වසරේ අගෝස්තු මසදී ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද කොවිඩ් අවදානම හේතුවෙන් එය කල් දැමීමට සිදුවිය.


සිම්බාබ්වේ එක්දින සංචිතය

Regis Chakabva (capt, wk), Ryan Burl, Brad Evans, Luke Jongwe, Innocent Kaia, Takudzwanashe Kaitano, Clive Madande (wk), Wessly Madhevere, Tadiwanashe Marumani, Tony Munyonga, Blessing Muzarabani, Richard Ngarava, Victor Nyauchi, Sikandar Raza and Sean Williams

827 views0 comments