• Shaminda Jayarathne

සිම්බාබ්වේටත් වඩා දුප්පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට්!


ක්‍රිකට් ක්‍රීඩාව යනු මේ කාල වකවානුවේ දී මුදල් උපයන මැෂිමක් මෙන් කටයුතු කරන ක්‍රීඩාවක් යැයි පැවසීම මුසාවක් නොවේ. ලොව පුරා රටවල ක්‍රිකට් ආයතනයන් විවිධාකාරයේ තරඟාවලි පවත්වමින් කෝටි ගණනින් මුදල් උපයමින් සිටිනවා.


වර්තමානයේදී ක්‍රිකට් ක්‍රීඩා කරනා පැරණිතම සාමාජිකයන් 10 දෙනාගේ ක්‍රිකට් ආයතන සතු මූල්‍ය වාර්තා මැන බැලීමේදී ශ්‍රී ලංකාව එහි අවසන් ස්ථානයට පත්ව තිබෙනවා. සිම්බාබ්වේ රාජ්‍ය පවා ශ්‍රී ලංකාවට වඩා ඉහළින් රැඳී සිටීම විශේෂත්වයක්. The World Cricket වෙබ් අඩවියට අනුව මෙම අගයන් ඉන්දීය රුපියල් වලින් දක්වා තිබෙනවා. ඒ ඒ රටවල ක්‍රිකට් ආයතන සතු ධනය පහත පරිදි සටහන් කිරීමට පුලුවන්.


1. ඉන්දියාව - රුපියල් කෝටි 3730

2. ඕස්ට්‍රේලියාව - රුපියල් කෝටි 2843

3. එංගලන්තය - රුපියල් කෝටි 2135

4. පාකිස්තානය - රුපියල් කෝටි 811

5. බංග්ලාදේශය - රුපියල් කෝටි 802

6. දකුණු අප්‍රිකාව - රුපියල් කෝටි 485

7. නවසීලන්තය - රුපියල් කෝටි 210

8. කොදෙව් දූපත් - රුපියල් කෝටි 116

9. සිම්බාබ්වේ - රුපියල් කෝටි 113

10. ශ්‍රී ලංකාව - රුපියල් කෝටි 100


(සියල්ලම ඉන්දියන් රුපියල් කෝටි)


වර්තමානයේදී රටවල් රැසක් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පෙළඹී සිටිනවා. ඒ අතරට යුරෝපා රටවල් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයද අයත්. එවැනි අධික මුදල් පොම්ප කිරීමේ හැකියාව ඇති රටවල් තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට එක් වීම ශ්‍රී ලංකාවට විශාල බලපෑමක් ඇති කිරීමට හේතු වන්නට පුලුවන්.

122 views0 comments