• Shaminda Jayarathne

සෑම් නෝර්ත්හීස්ට්ගෙන් ලකුණු 400 ක ඉනිමක්!

එංගලන්ත County Division 2 තරඟයකදී Glamorgan ක්‍රීඩා සමාජය නියෝජනය කරනා සෑම් නෝර්ත්හීස්ට් විසින් සුපිරි ලකුණු 400 ක් මීට සුළු මොහොතකට පෙර වාර්තා කර ගැනීමට සමත් වුණා. ඒ Leicestershire ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟයකදීයි.


Leicestershire ක්‍රීඩකයන් තම පළමු ඉනිම සඳහා ලකුණු 584ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා. එයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි Glamorgan ඉනිමේ මුල් කඩුලු දෙක ලකුණු 9ක් තුළ බිඳ වැටුණත් තෙවන කඩුල්ලට සෑම් නෝර්ත්හීස්ට් සහ කොලින් ඉන්ග්‍රම් ලකුණු 306 ක සුපිරි සබඳතාවයක් ගොඩ නැගුවා. ඉන්ග්‍රම් ලකුණු 139 යි.


ඉන් පසුව නැවතත් ඉක්මන් කඩුලු දෙකක් බිඳ වැටුණත් ක්‍රිස් කුක් සහ සෑම් නෝර්ත්හීස්ට් විසින් සුළු මොහොතකට පෙර තරඟයේ සිව්වන දිනයේ දිවා ආහාරයට නවතන විට 6 වන කඩුල්ලට වාර්තාගත නොබිඳුනු ලකුණු 461ක් එක් කොට තිබෙනවා. ක්‍රිස් කුක් නොදැවී ලකුණු 191යි. දිවා ආහාරයට ගමන් කරන විට පිටියේ නොදැවී ක්‍රීඩා කරන සෑම් නෝර්ත්හීස්ට් පන්දු 450ක් තුළදී හතරේ පහර 45ක් සහ හයේ පහර 3ක් ද සමග ලකුණු 410ක් වාර්තා කරගෙන සිටිනවා. Glamorgan ලකුණු පුවරුව කඩුලු 5 කට ලකුණු 795ක් වශයෙන්ද සටහන් වී තිබුණා.

2,357 views0 comments