• Chathura Ramanayake

ස්ටෘවර්ට් බ්‍රෝඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තවත් කඩයිමක් පසු කරයි.



එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ස්ටෘවර්ට් බ්‍රෝඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තවත් එක් කඩයිමක් පසුකරන්නට අද දිනයේදී සමත් විය. දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී මෙම කඩයිම පසුකරන්නට ස්ටෘවර්ට් බ්‍රෝඩ්ට හැකි විය.


ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 800 සීමාව ඉක්මවන්නට ස්ටෘවර්ට් බ්‍රෝඩ්ට අද දිනයේදී හැකි වූ අතර ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර කඩුලු 800ක් දවාගත් අටවන පන්දු යවන්නා ලෙසින්ද ඔහු වාර්තා පොත් අතරට එක්විය. දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගය ආරම්භ කිරීමට පෙර ස්ටෘවර්ට් බ්‍රෝඩ් ජාත්‍යන්තර කඩුලු 798ක් දවාගෙන තිබුණි.


අද දිනයේදී දකුණු අප්‍රිකානු ඉනීමේ මේ වන විට කඩුලු 3ක් බිදහෙලමින් ජාත්‍යන්තර කඩුලු 800 සීමාව පසුකරන්නට ඔහුට හැකිවිය. ස්ටෘවර්ට් බ්‍රෝඩ් ටෙස්ට් කඩුලු 558ක් එක්දින කඩුලු 178ක් හා විස්සයි විස්ස කඩුලු 65ක් දවාගැනීමට සමත් වී ඇති ක්‍රීඩකයෙකි.


ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 800 සීමාව පසුකළ පස්වන වේගපන්දු යවන්නා බවටද ස්ටෘවර්ට් බ්‍රෝඩ් පත්වනු ඇත.මේ අතර ග්ලෙන් මැග්‍රාත් අභිබවමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභීන් අතර සිව්වැන්නා බවට පත් වන්නට ජිමී ඇන්ඩර්සන්ට තවත් කඩුලු 2ක් පමණක් අවශ්‍යව ඇත.


වැඩිම ජාත්‍යන්තර කඩුලු ලාභී පන්දු යවන්නන්

මුත්තයියා මුරලිදරන් - 1347

ශේන් වෝන් - 1001

අනිල් කුම්බ්ලේ - 956

ග්ලෙන් මැග්‍රාත් - 949

ජේම්ස් ඇන්ඩර්සන් - 948*

වසීම් අක්‍රම් - 916

ශෝන් පොලොක් - 829

ස්ටෘවර්ට් බ්‍රෝඩ් - 801*

2,372 views0 comments