• Chathura Ramanayake

ස්කොෂ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවසන් 32ගේ වටයට සුදුසුකම් ලබයි !!!

Updated: Jul 30



22වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළමු දිනයේ තරග රැසක් ඊයේ පැවැත්විණි. එහිදී ශ්‍රී ක්‍රීඩක ක්‍රිඩිකාවන් තරග බිමට පිවිසියහ. ඒ අතුරින් මීටර් 50 සමනල ආර මූලික ඉසව්ව වෙනුවෙන් අකලංක පීරිස් තරග වැදුනි. අකලංක පීරිස් දෙවන තරග අදියර වෙනුවෙන් එක්වූ අතර එහිදී දෙවැන්නා ලෙසින් තරගය අවසන් කිරීමට ඔහු සමත් වූයේ සිය හොදම පෞද්ගලික කාලයද වාර්තා කරමිනි. නමුත් ඔහුට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකිවිය.


එමෙන්ම ස්කොෂ් තරග වෙනුවෙන්ද  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයන් දෙදෙනෙකු තරග බිමට පිවිසියහ. මොවුන් තිදෙනාම ක්‍රීඩකයන් 64 දෙනාගේ තරග වටය වෙනුවෙන් තරග වැදුනි.  එහිදී කාන්තා තරගයකදී ගයනා ක්‍රීඩිකාව වට 3-0ක් ලෙසින් පරාජයට පත් කරමින් 32දෙදෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට යෙහානි කුරුප්පු සමත්කම් දැක්වීය. එමෙන්ම ගයානා ක්‍රීඩකයකු වට 3-1ක් ලෙසින් පරාජයට පත් කළ ලක්සිරි රවිදුද ක්‍රීඩකයන් 32දෙදෙනා අතරට සුදුසුකම් ලැබීය. ශ්‍රී ලංකා ක්‍රීඩක ශමිල් වකීල් තරග වට 3-2ක් ලෙසින්  බාර්බඩෝස් ක්‍රීඩකයකු පරාජයට පත් කිරීමට සමත් විය.


තවද ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක සංජීව බණ්ඩාර රාජකරුණා කිලෝග්‍රෑම් 60-63.5 Welterweight බරපන්තිය යටතේ තරග වැදුනි. එහිදී එංගලන්ත ක්‍රීඩක ජෝසප් හමුවේ තරග වට 5-0ක් ලෙසින් පරාජයට පත් විය. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩක රුචිර ප්‍රනාන්දු Artistic ජිම්නාස්ටික් ඉසව්ව වෙනුවෙන් එක්විය. එහිදී ඔහු පිරිමි සියලු ඉරියව් අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලැබීමට සමත් විය. එමෙන්ම Artistic ජිම්නාස්ටික් ඉසව්වෙහි SubDivision 1 යටතේ ශ්‍රී ලංකා තරග වැදුනු අතර ඔවුන් තෙවන ස්ථානය හිමිකරගැනීමට සමත් විය.


ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම කෙන්යාවට හා ස්කොට්ලන්තයට එරෙහිව පැසිපන්දු මූලික වටයේ තරගයකදී තරග වැදුනි. ඉන් පළමු තරගයෙන් ලකුණු 16-9ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ස්කොට්ලන්තයට හැකිවිය. කෙන්යාවට එරෙහිව පැවති තරගය තියුණු මුහුණුවරක් ගත් අතර අවසන් ලකුණු සටහන දිස්වූයේ ලකුණු 18-21ක් ලෙසින් කෙන්යාවට ජය හිමිකරදෙමිනි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමද ස්කොට්ලන්ත හා කෙන්යානු කාන්තා කණ්ඩායම් වලට එරෙහිව තරග වැදුනි. එහිදී කෙන්යාවට එරෙහි තරගය ලකුණු 21ට 8ක් ලෙසින් ශ්‍රී ලංකාව පරාජයට පත් වූ අතර ස්කොට්ලන්තය සමගින්  පැවති පැසිපන්දු තරගයෙන් ලකුණු 21ට 5ක් ලෙසින් පරාජයට පත් වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවිය.

202 views0 comments