• Shaminda Jayarathne

සුආරෙස් ට උරුගුවේ බලා යාමට මෙසී ගෙන් ජෙට් එකක්!

උරුගුවේ ජාතික සුපිරි පාපන්දු ක්‍රීඩක ලුයිස් සුආරෙස් නැවත වතාවක් තමන්ගේ කුඩා කල පාපන්දු ක්‍රීඩා සමාජය වූ උරුගුවේ රාජ්‍යයේ Nacional ක්‍රීඩා සමාජය සමගින් එක්ව ක්‍රීඩා කිරීමට පසුගියදා තීරණය කළා.


කාලයක් පුරාවට නෙදර්ලන්තයේ අයෑක්ස් (Ajaxs), එංගලන්තයේ ලිවර්පූල් (Liverpool), ස්පාඤ්ඤයේ බාසිලෝනා (Barcelona) සහ ස්පාඤ්ඤයේ ඇට්ලෙටිකෝ මැඩ්රීඩ් (Atletico Madrid) සමගින් ක්‍රීඩා කළ සුආරෙස් ලබාගත් ජයග්‍රහණයන් සංඛ්‍යාව අතිමහත්. ඔහු විසින් කාලයක් පුරාවට යුරෝපයේ ක්‍රීඩා කළ ප්‍රමුඛ පෙළේ ප්‍රහාරක ක්‍රීඩකයෙක් ලෙසින් ගෝල රැස් කළා.



Nacional සමගින් එක් වූ ලුයිස් සුආරෙස්

ඡායාරූපය - www.marca.com


නමුත් මේ වන විට 35 වන වියේ පසුවන සුආරෙස් තමන්ගේ සුපුරුදු රිද්මයෙන් බැහැරව ගොස් සිටිනවා. ඔහුගේ ක්‍රීඩා දිවියේ අවසන් සමයට මේ වන විට ළඟා වෙමින් පවතින බව නොරහසක්. මේ නිසාවෙන් තවදුරටත් තරඟකාරිත්වය වැඩි යුරෝපා ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කිරීම වෙනුවට තමන්ගේ කුඩා කල මුල්ම ක්‍රීඩා සමාජයද වූ Nacional සමගින් එක් වීමට සුආරෙස් තීරණය කළා.


සුආරෙස් හට උරුගුවේ රාජ්‍ය වෙතට පියාසර කිරීම සඳහා ඔහුගේ හොඳම මිතුරා වන ලියොනල් මෙසී විසින් තමන් සතු යුරෝ මිලියන 12ක් වටිනා පෞද්ගලික ජෙට් යානය ලබා දීමත් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණා. මීට අමතරව සුආරෙස් හට සුභාශිංෂණ පිරිනමමින් වීඩියෝ පටයක්ද එක් කිරීමට මෙසී පසුබට වුණේ නෑ. තමන්ගේ රටේ විරුවා නැවත පිළිගැනීම සඳහා විශාල ජනකායක් එකතු වී සිටින ආකාරයේ ඡායාරූපත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරය දැකගන්නට හැකි වනවා.

0 views0 comments