• Chathura Ramanayake

සදකැන්, බිනුර ඇතුළු කොළ බලකායේ පන්දු බලඇණිය !!!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලිය එළඹෙන අගෝස්තු මස 8වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ එක් එක් කණ්ඩායමෙහි පිතිකරණ හා පන්දු යැවීම පිළිබඳව Creedanet අප ගෙන එන ලිපි මාලාවේ මෙම ලිපියෙන් අවදානය යොමු කෙරෙනුයේ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු SLC Greens කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය පිළිබඳවයි.


SLC Greens කණ්ඩායම සතු පන්දු යවන්නන් අතින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් සහිත පන්දු යවන්නන් අතරට ලක්ෂාන් සදකැන්, ජෙෆ්‍රි වැන්ඩසේ , බිනුර ප්‍රනාන්දු , රමේෂ් මෙන්ඩිස් හා නායක දසුන් ශානක ඇතුළත්ය. තවද කණ්ඩායම සතු වේගපන්දු යවන්නන් අතරට ලසිත් මාලිංගේ ඉරියව්වට සමාන ඉරියව්වෙන් පන්දු යවන නුවන් තුෂාර, වමත් වේගපන්දු යවන යොවුන් ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛ යන වේගපන්දු යවන්නන් දෙදෙනාද තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන්ද කොළ බලකායේ පන්දු යවන්නන් අතරට ඇතුළත් ප්‍රභල ක්‍රීඩකයන්ය. එමෙන්ම දගපන්දු යවන ක්‍රීඩකයන් වන සචිදු කොළඹගේ හා නිමේෂ් විමුක්තිද මෙවර Greens කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කිරීමට සූදානමින් පසුවෙයි.


මෙම ක්‍රීඩකයන් අතුරින් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම අත්දැකීම් සහිත පන්දු යවන්නා වන ලක්ෂාන් සදකැන් විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්හි 9වබ ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට සමත් වූ පන්දු යවන්නෙකි. සදකැන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 20කට ක්‍රීඩා කරමින් කඩුලු 23ක් බිදහෙලන්නට සමත් වී ඇත. ඔහු සමස්ත විස්සයි විස්ස කඩුලු 77ක් දවාගැනීමට සමත් වි ඇත්තේ කඩුලු 4 බැගින් දවාගත් අවස්ථාවන් 3ක්ද සමගිනි. කණ්ඩායම් නායක දසුන් ශානක ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ඉනීම 33කදී පන්දු යවා ඇති අතර ඔහු එහිදී කඩුලු 18ක් දවාගෙන ඇත.


වමත් වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 9ක් තුළදී කඩුලු 10ක් බිදහෙලා ඇති අතර ඔහු විස්සයි විස්ස පිටියේදී කඩුලු 77ක් දවාගැනීමට සමත්ව ඇත්තේ පන්දුවාරයකදී ලකුණු 7.08ක දළ ලකුණු වේගයක් රදවාගනිමිනි. කණ්ඩායම සතු අත්දැකීම් බහුල පන්දු යවන්නකු වන ජෙෆ්‍රි වැන්ඩසේ විස්සයි විස්ස තරග 66ක් තුළදී කඩුලු 68ක් බිදහෙලන්නට සමත් වී ඇත. Greens කණ්ඩායම සතු අනිකුත් ප්‍රධානතම වේගපන්දු යවන්නා වන නුවන් තුෂාර විස්සයි විස්ස පිටියේදී කඩුලු 69ක් දවාගෙන ඇති පන්දු යවන්නෙකි.


කණ්ඩායම සතු දගපන්දු යවන්නන් වන නිමේෂ් විමුක්ති හා සචිදු කොළඹගේ හා,රමේෂ් මෙන්ඩිස් යන ක්‍රීඩකයන් විස්සයි විස්ස පිටිය තුළදී පිළිවෙලින් කඩුලු 43ක් , 42ක් හා 41ක් බැගින් බිදහෙලා ඇත. කණ්ඩායම සතු තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ධනංජය ලක්ෂාන් විස්සයි විස්ස පිටියේදී කඩුලු 32ක් දවාගෙන ඇති අතර ඔහු සතු මනා දෝලනය හේතුවෙන් පවර්ප්ලේ කොටසේ පන්දු යැවීම වෙනුවෙන් ඔහුව යොදාගත හැකිය.



ක්‍රීඩකයා


ඉනීම


කඩුලු


හොදම පන්දු යැවීම


​දළ ලකුණු

දසුන් ශානක


74

45

3/6

​8.66

ලක්ෂාන් සදකැන්


63

77

4/18

7.46

ජෙෆ්‍රි වැන්ඩසේ


​64

68

6/25

7.37

බිනුර ප්‍රනාන්දු


60

77

4/26

7.08

නුවන් තුෂාර


​53

69

5/13

7.76

ධනංජය ලක්ෂාන්


32

32

3/17

8.62

රමේෂ් මෙන්ඩිස්


47

41

4/17

​6.77

නිමේෂ් විමුක්ති


35

43

5/10

6.12

සචිදු කොළඹගේ


31

42

3/8

​6.80

දිල්ෂාන් මධුසංඛ

4

4

1/14

8.90


0 views0 comments