• Chathura Ramanayake

ශෙහාන් ජයසූරියගේ තුන් ඉරියව් දස්කම් Silicon Valley කණ්ඩායම අවසන් සටනට ගෙන යයි



ඇමරිකා එක්සත් ජනපද විස්සයි විස්ස තරගාවලිය වන Minor League තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග 3ක් ඊයේ දිනයේදීත් පැවැත්විණි. Pacific Conference කාණ්ඩයේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරන,කණ්ඩායම තේරීම සදහා වූ Silicon Valley Strikers කණ්ඩායම හා Chicago Tigers කණ්ඩායම අතර තෙවන අවසන් පූර්ව තරගයද ඊට ඇතුළත් විය.


මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයේදී කණ්ඩායම් ද්විත්වය තරග 3කට ක්‍රීඩා කරන අතර ඉන් වැඩිම ජයග්‍රහණ ලබන කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. ඒ අනුව Silicon Valley Strikers කණ්ඩායම හා Chicago Tigers කණ්ඩායම අතර පැවති පළමු තරග 2න් කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන තිබුණි.


තීරණාත්මක මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් Silicon Valley Strikers කණ්ඩායම පළමුව පන්දු යැවීම තෝරාගත්හ. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන Chicago Tigers කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 147ක් රැස්කිරීමට සමත් විය. Silicon Valley Strikers කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ශෙහාන් ජයසූරිය පන්දුවාර හතර තුළ ලකුණු 21කට කඩුලු 3ක් බිදහෙලන්නට සමත් විය.


ඉලක්කය හබාගිය Silicon Valley Strikers කණ්ඩායම පන්දුවාර 16 පන්දු 3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. එහිදී උන්මුක්ට් චාන්ද් නොදැවී ලකුණු 71ක් රැස්කළ අතර ශෙහාන් ජයසූරිය එක් හතරේ පහරක් හා හයේ පහරක් සමගින් ලකුණු 27ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව මෙම තරගයෙන් කඩුලු 8ක ජයක් හිමිකරගත් Silicon Valley Strikers කණ්ඩායම අඛණ්ඩව දෙවන වරටත් Pacific Conference කාණ්ඩයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.


Silicon Valley Strikers කණ්ඩායම සමගින් Pacific Conference කාණ්ඩයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අනික් කණ්ඩායම බවට පත් වූයේ Seattle Thunderbolt කණ්ඩායමයි. ඔවුන් Dullas Mustang කණ්ඩායම සමගින් පැවති අවසන් පූර්ව වටයේ තරග ද්විත්වයම පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් විය.

650 views0 comments