• Chathura Ramanayake

ශ්‍රී ලංකා 20න් පහළ පාපන්දු කණ්ඩායම අද තරග බිමට !!!



වයස අවුරුදු 20න් පහළ SAFF පාපන්දු තරගාවලියේ පළමු තරගය වෙනුවෙන් අද ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතය. තරගාවලි ඉන්දියාවේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී තරග වදිනුයේ දෙවරක් SAFF වයස අවුරුදු 20න් පහළ අනුශූරයන් වූ බංග්ලාදේශයට එරෙහිවයි.


අද දිනයේ දෙවන තරගය ලෙසින් පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ යොවුන් පාපන්දු තරගය රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතය. අද දිනයේ පළමු තරගය ලෙසින් නේපාලය හා මාලදිවයින පස්වරුවේදී තරග වැදීමට නියමිතය.


කණ්ඩායම් පහක් ක්‍රීඩා කරන මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙවන තරගය එළඹෙන 27වනදා රාත්‍රී 8ට නේපාලයට එරෙහිව පැවැත්වෙයි. පසුගිය වර ශූරතාවය හිමිකරගත් ඉන්දීය කණ්ඩායමට එරෙහි තරගය ජූලි මස 29 වනදා සවස 4ටත් මාලදිවයින් කණ්ඩායමට එරෙහි තරගය ජූලි මස 31වනදා සවස 4ටත් පැවැත්වෙනු ඇත.


තරගාවලියේ මූලික වටය කාණ්ඩ ක්‍රමයට පැවැත්වෙන අතර මූලික වටය අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගන්නා කණ්ඩායම් දෙක අගෝස්තු මස 5වනදා අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත.


තරගාවලියට එක්වන ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ සංචිතය

Theshan Thushmika (Captain), Mohamed Kalik, Derick Fernando, Mohamed Shuaib, Samunu Kaggodaarachchi, Nikshan Antony, Nimesh Thiwanka, Mohamed Shakeel, Muhammedhu Munsif, Nadeem Ahamed, Mohamed Ihsan, Mohamed Thilham, Firas Zeer, Mohamed Hafeel, Pathum Gimhan, Mohamed Rikaz, Shane Banuka, Madusha Sandeepa, Suthakar Renodkilaiman, Navod Lakshitha, Shahil Shiyan, Gerrad Jerome, Jude Rojan


SAFF U-20 Championship 2022 තරග කාලසටහන


Nepal vs Maldives, July 25, 4:00 pm

Sri Lanka vs Bangladesh, July 25, 8:00 pm


Bangladesh vs India, July 27, 4:00 pm

Sri Lanka vs Nepal, July 27, 8:00 pm


India vs Sri Lanka, July 29, 4:00 pm

Maldives vs Bangladesh, July 29, 8:00 pm


Maldives vs Sri Lanka, July 31, 4:00 pm

Nepal vs India, July 31, 8:00 pm


Bangladesh vs Nepal, August 2, 4:00 pm

India vs Maldives, August 2, 8:00 pm


Final (August 5)

Group Champion 1 vs Group Champion 2

0 views0 comments