• Chathura Ramanayake

ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙකු ලෙජන්ඩ්ස් සුවිශේෂී තරගයෙන් ඉවතට !!



හිටපු ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු සනත් ජයසූරිය හා දකුණු අප්‍රිකානු හිටපු ආරම්භක පිතිකරු හර්ෂල් ගිබ්ස් මෙවර ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා නොකරන බවට තහවුරු කොට ඇත. ඒ අනුව මේ සම්බන්ධයෙන් තරගාවලි සංවිධායකයන් නිළ වශයෙන් නිවේදනය කොට ඇත. ඉන්දියාවේ 75වන නිදහස් දිනය නිමිත්තෙන් තරගාවලියේ පළමු තරගය ලෙසින් ඉන්දියා මහරාජස් හා වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතව තිබුණි.


මෙම තරගය සදහා නම් කෙරුණු වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායමට සනත් ජයසූරිය හා හර්ෂල් ගිබ්ස් නම් කොට තිබුණි. ඔවුන් දෙදෙනා තරගාවලියට ක්‍රීඩා නොකර බව තහවුරු වීමෙන් අනතුරුව ඒ වෙනුවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායමට ඇතුළත් කොට ඇත. එම ක්‍රීඩකයන් දෙදෙනා වනුයේ ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ශේන් වොට්සන් හා නවසීලන්ත හිටපු නායක ඩැනියල් වෙටෝරි ය.


මෙවර තරගාවලිය ඉන්දියාවේ නගර 6ක් කේන්ද්‍ර කොටගනිමින් කණ්ඩායම් 4ක සහභාගිත්වයෙන් පැවැත්වෙයි. තරගාවලියට තරග 15ක් ඇතුළත් අතර කණ්ඩායම් හතරෙහි තරග වටය සැප්තැම්බර් මස 17වනදා සිට ආරම්භ වනු ඇත. ඉන්දියා මහරාජස් හා වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම් අතර සුවිශේෂී තරගය සැප්තැම්බර් මස 16වනදා කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතව ඇත.

4,364 views0 comments