• Chathura Ramanayake

ශ්‍රී ලංකා සහය පුහුණුකරු දසුන්ගේ ප්‍රකාශයට එකඟ නොවෙයි



ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන්ම පරාජයට පත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඇෆ්ගනිස්තාන කණ්ඩායම හමුවේ ලද එම පරායෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී බංග්ලාදේශ කණ්ඩායම පිළිබඳව ශ්‍රී ලංකා නායක දසුන් ශානක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.


"අපි දන්නවා මුස්ටෆිසර් රහ්මාන් හොඳ පන්දු යවන්නෙක්. ෂකීබ් අල් හසන් ලෝක මට්ටමේ පන්දු යවන්නෙක්. නමුත් ඔවුන් හැරුණු විට ලෝක මට්ටමේ පන්දු යවන්නෙක් බංග්ලාදේශ කණ්ඩායමේ නෑ. ඇෆ්ගනිස්තානය සමඟ සංසන්දනය කළහොත්, බංග්ලාදේශය පහසු ප්‍රතිවාදියෙක්"


ශානකගේ මෙම අදහස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් සදහන් කොට ඇත්තේ දසුන්ගේ එම ප්‍රකාශය සමගින් එකඟ විය නොහැකි බවයි.


"ඔවුන් වැඩිපුර තරග ක්‍රීඩා කොට ඇති නිසා, බංගලාදේශය විස්සයි20 තරගවලදී අපට වඩා ඉදිරියෙන් සිටිනවා. BPL නිසා බංග්ලාදේශ ක්‍රීඩකයන් ආකෘතියට හොඳින් හැඩගැසෙනවා කියලයි මම දකින්නේ. මම හිතන්නේ අපට විස්සයි විස්ස ආකෘතියේ තවත් අත්දැකීම් ගොඩක් අවශ්‍යයි, නමුත් එය ඉදිරියේදී සිදුවෙයි."


ඇෆ්ගනිස්තානය සමග පැවති තරගය සම්බන්ධයෙන් ද නවීඩ් නවාස් අදහස් දක්වා ඇත.


"ඇෆ්ගන් ක්‍රීඩකයන් තමන් කළ යුතු දේ දැන සිටි අතර ඔවුන් පන්දු යැවිය යුතු තැන් දැන සිටියා. ඔවුන් මෙහි බොහෝ ක්‍රීඩා කර ඇති අතර අපට සිටියේ නව පන්දු යවන්නන් දෙදෙනෙක්. බොහෝ ඇෆ්ගන් ක්‍රීඩකයින් T20 ක්‍රීඩා කිරීමට පුරුදු වෙලා ඉන්නවා."

9,414 views0 comments