• Chathura Ramanayake

ශ්‍රී ලංකාව හැමෝටම හොද කනේ පහරක් එල්ල කළා - සුනිල් ගවස්කාර්


2022 ආසියානු කුසලානයේ අවසන් මහා තරගය රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව හා බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තාන අතර පැවැත්වෙනු ඇතැයි කියමින් සිටි සියලු දෙනාට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හොඳ පහරක් දුන් බව හිටපු ඉන්දීය පිතිකරු සුනිල් ගවස්කාර් සදහන් කොට ඇත.



India Today වෙත අදහස් දක්වමින් ගවස්කාර් කියා සිටියේ ආසියානු කුසලානයේදී ඉන්දියාව හා පාකිස්තානය ගැන කවුරුත් කතා කළ බවත් වැඩි කතාබහට ලක් නොවූ ශ්‍රී ලංකාව ශූරතාව දිනූ බවත්ය.


ඉන්දියාව-පකිස්තානය, ඉන්දියාව-පකිස්තානය සහ ඉන්දියාව-පකිස්තානය. හැමෝම කතා කළේ මේ කණ්ඩායම් දෙක ගැන විතරයි.

ඒ වගේම ඉන්දියාවට පමණක් දෙවැනි වන ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලානය 6 වැනි වරටත් ජයග්‍රහණය කිරීම දෙස බලන විට එයින් කියැවෙන්නේ ඔබ ජයග්‍රාහකයන් ගැන කතා කරන විට ශ්‍රී ලංකාව නොසලකා හැරිය යුතු නැති බවයි.

එය ඉන්දියාව සහ පාකිස්තානය අතර අවසන් මහා තරගයක් වනු ඇතැයි කීමට උත්සාහ කළ සියලු දෙනාට ශ්‍රී ලාංකිකයන් ලබා දුන් කදිම කනේ පහරක්"

යනුවෙන් ගවස්කාර් සදහන් කොට ඇත.


202 views0 comments