• Chathura Ramanayake

ශ්‍රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතය නුදුරේදීම


එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අනුමැතිය ලබා දී ඇත. සිය ට්විටර් ගිනුමෙහි සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව තහවුරු කොට ඇත.



2022 ඔක්තෝම්බර් 16 සිට නොවැම්බර් 13 දක්වා ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කවුන්සිලයේ නිර්දේශය පරිදි නම් කළ ශ්‍රී ලංකා සංචිතය මම 13 වැනිදා අනුමත කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට අවසන් කණ්ඩායම ඉතා ඉක්මනින් දැනගත හැකිවේවි. ඔබට තරඟාවලිය සඳහා සුභ පතනවා”

යනුවෙන් අමාත්‍යවරයා ට්විටර් ගිනුමෙහි සටහනක් තබා ඇත.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනුමත කරන ලද සංචිතය නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. පල්ලෙකැලේදී පැවැත්වෙන පුහුණු කඳවුරකින් අනතුරුව ශ්‍රී ලංකා සංචිතය ඔක්තෝබර් මස මුල් සතියේ තරගාවලිය සඳහා පිටත්ව යනු ඇත.


ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සිම්බාබ්වේ සහ අයර්ලන්තය සමඟ පුහුණු තරග දෙකකට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේදී නැමීබියාව,එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා නෙදර්ලන්තය සමගින් තරග වැදීමට නියමිතය.



773 views0 comments