• Chathura Ramanayake

ශ්‍රී ලංකාව සිදුකරන පණිවිඩ හුවමාරු ක්‍රමයට හිටපු ඇෆ්ගන් පුහුණුකරුගේ අප්‍රසාදය.

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් තරග දෙකම ජයග්‍රහණය කිරීමට සමත් විය. එම තරග දෙකෙහිදීම කණ්ඩායමේ පරිගණක දත්ත විශ්ලේෂක ප්‍රාඩ් නවරත්නම් විසින් පණිවිඩ හුවමාරුව වෙනුවෙන් ඉලක්කම් හා ඉංග්‍රීසි අකුරු ප්‍රදර්ශනය කොට ඇති ආකාරය දැකගත හැකිවිය.


මෙම ක්‍රමය එංගලන්තය විසින් 2020 වසරේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් පැවති විස්සයි විස්ස තරගාවලියේදීද උපයෝගී කරගත්හ. ඉයන් මෝගන් නායකත්වය දැරූ එම සමයේදී එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළේ ද ක්‍රිස් සිල්වර්වුඩ් මය.



ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ලාන්ස් ක්ලූස්නර්ට එහි වටිනාකමක් නොපෙනෙන බව සදහන් කොට ඇත.


"නැහැ, මම මේ ක්‍රමයට කැමති නැහැ. ඇෆ්ගනිස්තානයේ පුහුණුකරු ලෙස කටයුතු කළ කාලය තුළ මම මෙවැනි ක්‍රම භාවිතා කළේ නෑ. එය සිත්ගන්නාසුළු බවක් පෙනෙන්නට ඇත, නමුත් එය අලුත් දෙයක් නොවන අතර පුද්ගලිකව මම එහි වටිනාකමක් දකින්නෙ නෑ.

පුහුණුකරුට අවශ්‍ය නම් සිසිල් පැන් පානය අතරතුර පහසුවෙන් පණිවිඩ යැවිය හැකිය. ඔබ පන්දු රැකීමේදී ඔබේ නායකයා සහ පන්දුවට පහරදීමේදී පිතිකරුවා නිවැරදි තීරණ ගනීවි යයි විශ්වාස කරන්නේ නම්, මෙම පණිවිඩ යැවීම අවශ්‍ය නොවේ"

යනුවෙන් ඔහු සදහන් කොට ඇත


ශ්‍රී ලංකා හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් හා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මෙම ක්‍රමයේ වරදක් නොමැති බව විශ්වාස කරයි.


" ඒවා නායකයාට විකල්පයන් ලෙසින් ලබා දෙන සංඥා, එච්චරයි. ඔබ නායකයාට තරග සැලසුම් මතක් කර ඔහුට විකල්පයක් ලබා දීමයි මේකෙන් වෙන්නෙ. ඒවා භාවිතා කිරීමට අවශ්‍යද නැද්ද යන්න නායකයාට භාරයි"

යනුවෙන් මිකී ආතර් සදහන් කොට ඇත.


"එය කරන්නේ කණ්ඩායම පන්දු රකින විට පමණයි. ඔවුන්ගේ මෙම ක්‍රමයේදී ක්‍රියා කරන්නේ කෙසේදැයි මට විශ්වාස නැත, නමුත් එය ඔවුන්ට කුමන පන්දු යවන්නා කීවන පන්දුවාරයට යොදාගන්නේද යන්න පිළිබඳ සංඥාවක් යැයි මම සිතමි. එවිට තීරණය ගැනීම නායකයාට භාරයි"

යනුවෙන් ග්‍රාන්ට් ෆ්ලවර් පැවසීය.

59,927 views0 comments