• Chathura Ramanayake

ශ්‍රී ලංකාව ලෝකයේ ඕනෑම කණ්ඩායමකට මුහුණ දීමට සූදානම් - SLC උපසභාපති


මෙවර ආසියානු කුසලාන තරගාවලිය ඉතිහාසයේ එක් සාර්ථකම තරගාවලියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්න මහතා සදහන් කොට ඇත. අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් කරමින් හයවන වරටත් ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවිය. ශ්‍රී ලංකා කණ්ඩායම ලද ජයග්‍රහණය පිළිබඳව මෙවර ආසියානු කුසලානයේ තරගාවලි සංවිධායක රවීන් වික්‍රමරත්න මහතා අදහස් දක්වා ඇත.


" මුලින්ම මම ආසියානු ක්‍රිකට් කවුන්සලයට සහ එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනයට ස්තුතිවන්ත වෙනවා. ඔවුන් අපෙන් විශාල බරක් ඉවත් කරා. ඔවුන් මූලික වශයෙන් වගකීමෙන් වැඩි කොටසක් භාර ගත්තා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිළධාරී කණ්ඩායම අගෝස්තු 17 වෙනිදා මේ රටට ආව. ඔවුන් එක්සත් අරාබි ක්‍රිකට් ආයතනය සමඟ සම්බන්ධීකරණ කටයුතු කළා. මම හිතන්නේ ඒ ගෞරවය ඔවුන්ට වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් හිමිවිය යුතුයි."

" මෙය ඉතා සාර්ථක තරගාවලියක්. අපිට හොද තරග ගොඩක් තිබුණා. ප්‍රේක්ෂකයින් සම්බන්ධයෙන් ගත් කල, සෑම තරඟයකටම අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු තරග නරඹන්න පැමිණියා. මෙය සාර්ථකම ආසියානු කුසලාන තරඟාවලියක් බව පැවසීම සාධාරණ වනු ඇතැයි මම හිතනවා. 2004 වසරේ ශ්‍රී ලංකාවේ පැවති ආසියානු කුසලාන තරගාවලියේත් අධ්‍යක්ෂවරයා වුණේ මමයි. නමුත් මෙය අපට නවමු අත්දැකීමක් වූයේ පසුගිය කාලයේ අප සත්කාරකත්වය දැරූ තරගාවලියක් සඳහා රටින් පිටව ගොස් නොතිබූ බැවිනි."

"වසංගතය පැවතියදී පවා අපි LPL තරගාවලි දෙකක් පැවැත්වුවා. එබැවින් ශ්‍රී ලංකාවෙන් පිටත මෙවැනි විශාල ඉසව්වක් පැවැත්වීම අපට අභියෝගයක් වූ අපි සාර්ථක වී තිබෙනවා. ඩුබායි හා සාජා යන ක්‍රීඩාංගන දෙකම අතිවිශිෂ්ටයි, තණතීරුව දෙපිලටම ඉතා සාධාරණ වුණා. ඒ වගේම මෙහි ඉතා අලංකාර සංවිධාන ව්‍යුහයක් අපි දැක්කා"


එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව විමසූ විටදී රවීන් වික්‍රමරත්න මහතා පහත අදහස් දැක්වීය.


ඔව් මෙය ඇත්තටම විශ්වාස කළ නොහැකි වුණා.මේ ක්‍රීඩකයො ගොඩක් දෙනා අවුරුදු 14 ඉඳන් එකට සෙල්ලම් කරනවා. 2014 අවුරුද්දේ 19න් පහළ කණ්ඩායමට මේ ක්‍රීඩකයෝ හත්දෙනෙක් විතර ක්‍රීඩා කරලා තියෙනවා..එය තරුණ කණ්ඩායමක්. නමුත් ඔවුන්ගේ කුසලතා අතිවිශිෂ්ටයි. ඒ වගේම හොඳ අනාගතයක් ගැන බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් අපි ඔක්තෝම්බර් මාසයේදී ලෝක කුසලානයට යනවා. මම හිතන්නේ අපි ලෝකයේ ඕනෑම විරුද්ධවාදියෙකුට මුහුණ දීමට සූදානම්"

1,813 views0 comments