• Chathura Ramanayake

ශ්‍රී ලංකාව, නවසීලන්තය හා එංගලන්තයට එරෙහිව තරග බිමට !!!



පොදු රාජ්‍යය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි ඉසව්ව එළඹෙන ජූලි මස 29වනදා සිට එංගලන්තයේ බර්මින්ග්හැම්හිදී පැවැත්වෙයි. තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ පළමු තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතය.


ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර A කාණ්ඩයේ තරගය ජූලි මස 29වනදා මෙරට වේලාවෙන් පස්වරු 1.30ට පැවැත්වෙන අතර ශ්‍රි ලංකාව හා සත්කාරක එංගලන්තය අතර තරගය එදිනම රාත්‍රී 10ට පැවැත්වෙයි.


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටයේ සිය පළමු තරගය වෙනුවෙන් ජූලි මස 29වනදා පස්වරු 1.30ට තරග වැදීමට නියමිත අතර එදිනම රාත්‍රී 10ට නවසීලන්ත කණ්ඩායමට එරෙහිව තරගවදිනු ඇත.


ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මූලික වටයේ තෙවන තරගයේදී සැමෝවා කණ්ඩායමට එරෙහිව තරග වදිනුයේ ජූලි මස 30වනදා පස්වරු 1.30ටයි. ආසියානු රටවල් නියෝජනය කරමින් සහභාගී වන එකම කාන්තා රග්බි කණ්ඩායම වන ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි 30වනදා පස්වරු 1.30ට කැනඩාව සමගින් තරග වැදීමට නියමිතය.


මූලික වටයේ කාණ්ඩයන් (පිරිමි)

A කාණ්ඩය

ශ්‍රී ලංකාව ,නවසීලන්තය, එංගලන්තය, සැමෝවා


B කාණ්ඩය

දකුණු අප්‍රිකාව, ස්කොට්ලන්තය, ටොන්ගා, මැලේසියාව


C කාණ්ඩය

ෆීජි, කැනඩාව, වේල්සය, සැම්බියාව


D කාණ්ඩය

ඕස්ට්‍රේලියාව, කෙන්යාව, උගන්ඩාව, ජැමෙයිකාව


මූලික වටයේ කාණ්ඩයන් (කාන්තා)

A කාණ්ඩය

ශ්‍රී ලංකාව, එංගලන්තය, නවසීලන්තය, කැනඩාව


B කාණ්ඩය

ඕස්ට්‍රේලියාව, ෆීජී, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව

0 views0 comments